(මුදිතා දයානන්ද)
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 18 වැනිදාට ප‍්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (30) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදි පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න එහි පළමු මහජන රැුළිය පැවැත්වෙන ලබන 18 වෙනිදාට ප‍්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බවද ටිල්වින් මහතා පැවසීය.
මෙම රැළිය ලබන 18 වෙනිදා පස්වරු 3.00ට ගාලූමුවදොර පිටියේදි පැවැත්වීඹට කටයුතු සංවිධානය කර ඇති අතර එයට වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන , කලාකරුවන් හා සිවිල් සංවිධානය රැසක් සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය.
ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කරන්නේ එකම කඳවුරක් බවද ජනතාව හැමදාමත් පීඩාවට පත්කළ නජතාව දේශපාලනයෙන් පිටමං කරන තත්ත්වයට පත් කළ ඒ බලවේගය පරාජය කළ හැකි එකම විකල්ප බලවේගය ජාතික ජන බලවේගය සමග එක්ව ගොඩනගන බවද ටිල්වින් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාටද නැකත තියෙන්නේ ? අපි හිතුවා සමාජවාදීන් ඕව විශ්වාස කරන්නේ නැහැ කියල.
තේරුමක් නැති වැඩක් .අපරාදෙ වියදම් කරන සල්ලි
ජය වේවා
අනේ අපරාදේ සල්ලි නාස්ති කරන්නේ...? විජේවීර මහත්මයා නැති වුණාට පස්සේ දැන් යන්නේ සල්ලි පස්සේ නිසා බොරුවැඩක්...