විජයකලා ව්‍යවස්ථාව උල්ලංඝණය කළාදැ’යි කථානායක යළි විමසයි හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. 21 August 2018
බාල දක්ෂයින්ට පහරදීමට තැත් කළ එස්අයිට පරීක්ෂණයක් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතු කර ගෙන බාලදක්ෂ පදක්කම් ලේකම්වරයා ඇතුළු ජනාධිපති බාලදක්ෂයින් පිරිසකට බැන තර්ජනය කර කලු ගලකින් පහරදීමට උත්සාහ කළ බව කියන මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 21 August 2018
උසස් තාක්ෂණ ආයතනයේ ගැටුමකින් පහකට තුවාල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගුටිබැට හුවමාරුවකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 21 August 2018
ජපාන ආරක්ෂක ඇමැති ලංකාවට පැමිණෙයි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 August 2018
උසස් පෙළ කාලසටහන සංශෝධනය කිරීමට හේතුව විභාග කොමසාරිස් කියයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නිවාඩු කාලය තුළදීම ඇගයීම් කර අවසන් කිරීමට අවශ්‍ය වූ හෙයින් උසස් පෙළ විභාගය වෙනුවෙන් මුළින් සකස් කළ කාලසටහන සංශෝධනය කිරීමට සිදු වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලබා දුන් වාර්තාවක සඳහන් වේ. 20 August 2018
බුදු දහමට නිගා කළ කතාව සංහිඳියා කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ඔනූර්) බුදු දහමට නිගා කළැයි කියන ප්‍රකාශය සාවද්‍ය හා නොදැනුවත්කමින් සිදු කර ඇති බව එම කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි. 20 August 2018
දැරිය අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ් බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධව කොටවෙහෙර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් ඩබ්ලියු .එම්. එස්.එල්. දසනායක මහත්මිය අද (20) කොටවෙහෙර පොලිසියට නියෝග කළාය 20 August 2018
දුම්රිය බලවේග කට්ටල හිඟ නිසා දුම්රිය වාර අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා දුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් මේ වන විට ඇතැම් දුම්රිය ධාවන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 20 August 2018
ප්‍රථම ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය හෙට විවෘත කෙරේ නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය හෙට (21) පෙරවරු 11.00ට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අතින් විවෘත කෙරේ. 20 August 2018
ත්‍රීරෝද රථ නියාමනයට කොමිසමක් ත්‍රීරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය. 20 August 2018
පූජිතට එරෙහි අල්ලස් විමර්ශනය ගැන අමාත්‍යංශයට දැනුම්දීමක් නැතිලු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටිය දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති රොඩ්රික් ගිල්බට් මහතා අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ 120ක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙතෙක් දැනුම් දී නැතැයි රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසීය. 20 August 2018
විදෙස් ලාංකිකයන්ගේ ලිපි ලේඛන ප්‍රා.ලේ කාර්යාල මට්ටමින් විදෙස් ගත ලාංකිකයින්ට අවශ්‍ය උප්පැන්න සහතික , විවාහ සහතික ඇතුළු සියලූ ලිපි ලේඛන සහතික කර ගැනීමේ ක්‍රමවේදය දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. 20 August 2018
අභියාචනාධිකරණ සභාපති ධූරයේ වැඩ බැලීමට එස්. තුරේරාජා පත් කරයි අභියාචනාධිකරණ සභාපතිධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා පත් කරන ලදී. 20 August 2018
දුම්රිය සේවකයින්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකියි දුම්රිය සේවකයින්ට පමණක් වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද (20) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී නැවත වතාවක් ප්‍රකාශ කළේය. 20 August 2018
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් 8 කට තුවාල වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ. 20 August 2018
රැකියා විරහිත උපාධිධරයෝ 4100 ක් පත්වීම් ලබති රැකියා විරහිත උපාධිධාරින් 4100ක් සඳහා පත්විම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (20) සිදුකෙරිණි. 20 August 2018
වෛද්‍යවරයාට පහර දුන් සිද්ධියේ තවත් සිසුවෙක් අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැකකරන ශ්රාස්ත්ර පීඨයේ තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි. 20 August 2018
කොළඹ නාගරික මන්ත්‍රීට වෙඩි තැබු අයෙක් අත්අඩංගුවට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලෙයි තිරුබානන්දන් මහතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙක් පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 August 2018
කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය ගැන හිටපු ජනපතිට අමතකලු ද නේෂන් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ලබාදුන් ප්‍රකාශයේ දී බොහෝ කරුණූ සම්බන්ධයෙන් තමන්ට මතක නැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ ලක්මිණී ගිරියාම මෙනෙවිය ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය. 20 August 2018
රුපියල ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියේය. 20 August 2018
කොල්ලකරුගේ පොලු පහරින් කාන්තාවක් මරුට නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකු විසින් පොල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 71 හැවිරිදි කාන්තාවක් අද (20) දහවල් මිය ගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි. 20 August 2018
ආඩිගම හෝටලයට පහර දුන් සිව් දෙනා රිමාන්ඩ් ආණමඩුව ආඩිගම මංසන්දියේ ආපනශාලාවකට පහර දීමට සම්බන්ධ සැකකරුවන් සැප්තැම්බර් 3 වැනි දා දක්වා බන්ධනාගාර ගත කිරිමට ආණමඩුව වැඩබලන මහෙස්ත්‍රාත් ෆසාල් අබුතාහිර් මහතා අද (20) නියෝග කළේය. 20 August 2018
ත්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවන් පැනවීමෙන් පන්ලක්ෂ අනුදාහක් පාරට මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවන් පැනවීම තුලින් එක් රැයක් තුළ පන්ලක්ෂ අනූදහසකට අධික තරුණයන් පිරිසක් මහමඟට ඇද වැටෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සීටී. 20 August 2018
වැලිකඩ විස්තර ආරක්ෂක අමාත්‍යංශයේ නැතිලු බන්ධනාගාර වෙඩි තැබීමේ සිදුවීමට පෙර යුද හමුදාව කැඳවීම හා ඒ ආශ්රිත කිසිදු තොරතුරක් ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක අංශයේ නැතැයි එහි අතිරේක ලේකම් ආර් එම් එස් සරත් කුමාර මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මිය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දුන්හ. 20 August 2018
වැලිගම හෝටලයේ වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වරය හමුවෙයි වැලිගම ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක සිදු වු වෙඩි තැබීමට අදාල රිවෝල්වරය හා තවත් රිවෝල්වර ඩමියක් මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් අද (20) දහවල් එම හෝටලයේ විසිතුරු පෝච්චියක සඟවා තිබියදී සොයා ගනු ලැබීය. 20 August 2018
‘ජනපති ධූරයේ සිටි අයට යළි තරග කළ නොහැකි බව 19 වැනි ව්‍යවස්ථාවේ නෑ’ මීට පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ජනාධිපතිධූරයේ කටයුතු කළ තැනැත්තන්ට නැවැත ජනාධිපතිධූරයට තරඟ කළ නොහැකි බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (20) පැවසීය. 20 August 2018
‘සුරක්ෂා’ නිවාසවලින් 1826ක් ආපසු ගෙන්වා ගනී මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවල විවිධ හේතූන් මත රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 1826 දෙනෙකු ඉකුත් මාස 18 ක කාලය තුළ ගෙන්වා ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. එම සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ද ඔවුහු පවසති. 20 August 2018
මාතර මංකොල්ලයේ කොස්ගොඩ තාරක හඳුනා ගැනේ මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා ගැනීමට එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනෙකු අද (20) මාතර උසාවියේ පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සමත් විය. 20 August 2018
කුඹුක්කඩවල කුඹුක් ගස්වලට බහිරවයෝ බැල්ම හෙළති පොල්පිතිගම කුඹුක්කඩවල වැවේ ඉපැරණි දැවැන්ත කුඹුක් ගස් 150 කට ආසන්න ප්‍රමාණයක් යම් ආයතනයක් හෝ පිරිසක් විසින් සටහන් යොදා ඇතැයි පරිසරවේදිහු පවසති. 20 August 2018
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මෝටර් රථයක් මතුගම ප්‍රා.සභාවට කඩාවදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් මතුගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ වරිපනම් අංශයට කඩාවැදීමෙන් එහි රාජකාරියේ නිරතව සිටි ගැබිණි නිලධාරිනියක අනු නමයෙන් දිවි ගලවාගෙන ඇත. 20 August 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026