(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් විඩියෝ කළ තරුණයෙක් මේ මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු සමඟ සිටි එම සරසවියේ තුන්වන වසරේ ඉගනුම ලබන තවත් සිසුවෙකු රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙසත් බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (01) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
ශරීර ඇප මත මුදාහරින ලද්දේ අක්කරපත්තුව ප්‍රදේශයේම පදිංචි සබරගමු විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන විසිහත් හැවිරිදි සිසුවෙකි. ඊයේ (31) දා සරසවි සිසුවා සහ බාහිරින් පැමිණි තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය විඩියෝ කර ඇති අතර එහිදි විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් විසින් සමනල වැව පොලිසිය ට පවසා අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ගැන පසු විපරමකින් සිටිය යුතුමයි. රටම විකල් වෙලා. හැම ආයතනයක්ම දුර්වල වෙලා. කපටිකම සහ බොරුව රජ වෙලා. අහෝ..! කවදා මේවායේ අවසානයක් දකින්නද?
දෙමාපියන් ගේ වරදින් දරුවන් අසරණ වෙනවා. මේ දැරිය ළමා රක්ෂණ අධිකාරියට ගතයුතුයි. ඇයගේ අනාගතය විනාශ නොවිය යුතුයි.
සරසවියක් කියන්නේ රටේ හැම කෙනෙකුටම යන්න ඉඩ දිය යුතු තැනක්. මෙතන පින්තුර ගත්තම වරද මොකද්ද?