(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල කලාවැව හන්දියේ කුඩා බස් නැවතුම්පළක නිදා සිටි පුද්ගලයකු අද (26) අලුයම ඝාතනය කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාව ඉතා අමානුෂික ලෙස අද අලුයම 2.30 ට පමණ ඝාතනය කරන ආකාරයත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඒ අසල බලා සිට ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
මෙම අපරාධය සිදු වෙන ආකාරය සියලු දර්ශන ඒ ආසන්නයේ වෙළෙඳ සළක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගලේවෙල නගරයේ කාලයක් තිස්සේ විවිධ වෙළඳසැල්වල කම්කරු වැඩ කරමින් හා නගර මධ්‍යයේ වැසිකිළි පද්ධතිය සෝදා පවිත්‍ර කිරීම් කටයුතු සිදුකරමින් සිටි රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙම පුද්ගලයාට පහර දුන් බවට සැකකරන මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දඹුල්ල බස් නැවතුම්පළේ වේලා සටහන්කරුවෙකු සැකපිට රූපරාමු පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ හිසේ ඇති තුවාල හේතුවෙන් ගලේවෙල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ, හවස පිරිත් ඇහුවට... කරන්නේ ඔය වගේ අමන වැඩ...
බුදුන් වහන්සේ දේශනා කළ මුර්ඝ සං වර්ෂා දැන්මම පහළ වෙලා.
දිනපතාම වැඳලා ගිහිල්ලා බෝම්බ තියන්නේ.. ආගම් නෙමෙයි ප්‍රශ්නේ. මෝඩ මිනිස්සුයි.
බොහොම වාසනාවන්ත මරණයක්, නින්දෙන්මනේ...