(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහ සංඝරත්නය විෂයයෙහි දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ෂනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ය.
රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිවරයා වෙත යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් ගැන නෙමේනේ හොයන්න ඕනේ එතුමා කියලා තියෙන දේවල් ගැනනේ හොයන්න ඕනේ. අපේ රටේ වැඩ ඔහොමම තමයි හඳ පෙන්නනකොට ඇගිල්ල දිහයි බලන්නේ හඳ දිහා නෙමේ.
ඇත්තටම ඉක්මනින්ම කලයුතු දෙයක්
අනේ අපොයි ඇයි මේ
පේනවානේ අපේ රටේ දේශපාලනයේ මූලධර්ම. ජාතිය ආගම පදනම් කරගෙන මොන දේශපාලනයක්ද? දියුණු ලෝකය දෙස ඇස් ඇර බලන්න. ජාති ආගම් කුල මල පදනම් වූ දේශපාලනයක් ඇති රටක් කිසිදා දියුණු නොවේ.
රන්ජන් ගැන හොයන්න නොවේ. රන්ජන්ගෙ වීඩියෝ වලින් හෙළිකරණ අපචාර ගැන හොයන්න
මේ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් තමා කලිනුත් රවී කරුණානායක සම්බන්දව සොයා බලන්න කමිටුවක් පත් කලෙත් මේ අගමැති විසින්. අවසානයේ මාරපන මහතාගේ වාර්තාව අනුව මේ අගමැති කටයුතු කලෙත් නැහැ. ඒ නිසා මේකත් බොරු සංදර්ශනයක්.
මහත්වරුනේ මේ දිව කියන එක තියෙනවනේ ඒක එහෙම පිටින්ම අස්ථි වලින් තොරයි. ඉතින් මේ දිව හැම අතටම නැවෙනවනේ. ඒත් පොඩි අවුලක් තියෙනවා දිව දන්නේ නැ දිව තියෙන්නේ දත් 32 ක් මැද්දේ කියලා. එක පාරටම හැපිලා ලේ ගලන්න පුළුවන් හරි අමාරු වෙනවා ඒ වෙලාවට. වේදනාව දැනෙනවා තදටම. මේක කාටත් හොද පාඩමක් නේද. බුදු පියානෝ මේ ගැන කියලා තියෙනවා
කතා කියපුව ගැන සොයන්නත් කමිටු දැම්මට කමක් නැහැ, හැබැයි ජනතා මුදලින් සතයක්වත් වියදම් කරන්න නම් එපා.
මේ ලෝකයේ වැඩිම කමිටු පිහිටුවීම ගැන ගිනස් වාර්තාවේ හිමිකම කාටද?
රන්ජන් ගැන හොයන්න නොවේ. රන්ජන්ගේ වීඩියෝ වලින් හෙළිකරණ අපචාර ගැන හොයන්න..
කටට පොරොප්පයක් විතරයි ඕනේ...!
මේ ගොයියාව පන්නා දමන එක ඔයිට වඩා ලාභයි නේද? ගම්පහ ජනතාව මඤ්ඤන් මේවගේ අයට තමයි ඒ ගොල්ලෝ කැමති...