(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
එක්සත් රාජධානියේ සිට මෙරටට කසළ ආනයනය කිරීමට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට රේගු ආඥා පනත යටතේ දැඩි දඬුවම් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
එම ආඥා පනත අනුව ඔවුන්ගෙන් කසළවල වටිනාකම මෙන් තුන් ගුණයක දඩ මුදලක් අය කර ගත හැකි බව කී ඇමැතිවරයා ඔවුන් කර ඇති ජාතික අපරාධය අනුව එය ප්‍රමාණවත් නොවන බැවින් අපරාධ චෝදනා ගොනු කිරීමට හැකි දැයි සොයා බලන බවද සඳහන් කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලබන සතියේ දී අමාත්‍ය කමිටුවක් පත්කෙරෙන බවද ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා... රටේ ජලය, සතුන්, මිනිසුන් ඇතුළු පරිසර පද්ධතියේ සියලුම කොටස්වලට කළ හානියට ජීවිතාන්තය තෙක් හිරේ යැවිය යුතුයි. කුණු ටික වහාම ආපුතැනට පටවා යැවිය යුතුයි.. නැතිනම් එංගලන්ත එම්බසිය ඉදිරියේ විරෝධතා කළයුතුයි. අලුත් පරපුරට, දඹර අමිල හිමිට, සමනලීට ඔන්න වැඩ පෙන්වනවා නම්...
අප්පා.. දඬුවමක් හැටියට ඇමතිකමක්වත් දෙයිද දන්නේ නැහැ. එහෙමට රැහැයියෝ තමයි දැන් රට බලෙන් පාලනය කරන්නේ..
ප්‍රංශයට ගිහින් හිටපු මෙතුමාව ආපසු මෙරටට ගෙන්වූ අයවත් මේ දඬුවමට භාජනය කරනවද එතකොට..?
බලාගෙන ප්‍රවේසමෙන් දඬුවම් කරන්න සර්..., තුවාල වෙන්න පුළුවන්.