(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු දේශපාලන පක්‍ෂ සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හෙට (26) පෙරවරු 9.00 අත්සන් තැබීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින පාර්ලිමේන්තුව නියෝජනය නොකර දේශපාලන පක්‍ෂ දහයක් මෙලෙස අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මව්බිම ජනතා පක්‍ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල් එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්‍ෂය, ලිබරල් පක්‍ෂය, නව සිහල උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව හා භූමිපුත‍්‍ර පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව ඇත.
නව දේශපාලන සන්ධානය ගොඩනැගීම පිළිබදව දේශපාලන පක්‍ෂ 29ක් සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඒ අතරින් දේශපාලන පක්‍ෂ 10ක් සමග මෙලෙස පළමු වටයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් තබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
මේ පක්ෂවල නිලධාරීන්ට අමතරව වෙන කව්රුද ඉන්නේ?