වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව තීරණය කර ඇති බවත් ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින නියම කර ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති බිල් බාර් මහතා අද (25) නිවේදනය කළේය.
දරුණු ගණයේ අපරාධ සිදුකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් ඔවුන්ට දැඩි දඬුවම් දෙන ලෙසත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කර ඇති ඉල්ලීම සලකා බලමින් මෙම පියවර ගන්නා බව නීතිපති බිල් බාර් පැවැසීය.
මේ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කටයුතු බාර ආයතනයට උපදෙස් දුන් බව ද ඇමෙරිකා එක්සත් ජනපද නීතිපතිවරයා කීවේය.
“අධිකරණ දෙපාර්තමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා. ඒ වගේම වින්ඳිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළින් මරණ දඬුවම පැනවූවා නම් අපි එය ක්‍රියාත්මක කළ යුතු” යැයි බිල් බාර් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
පසුගිය වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අපරාධකරුවන් 25 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර ඒ සියල්ල ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රාන්ත ආණ්ඩු හා ඒවායේ අධිකරණවල තීන්දුවලට අනුවය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව යටතේ තිබෙන බන්ධනාගාරවල මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60කට ආසන්න පිරිසක් සිටින බව පැවසේ.
2003 වසරෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව සහ ඒ යටතේ පවතින බන්ධනාගාරවල මරණ දඬුවම නියම වී සිටින කිසිදු සිරකරුවකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ නැත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, භාවිත කරන ඖෂධ යනාදිය සම්බන්ධයෙන් පසුගිය සමයේදී ඇමෙරිකාව තුළ යම් විවාදයක් ද හට ගත්තේය. කෙසේ නමුදු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ කාලයේදී මරණ දඬුවම සම්බන්ධයෙන් වැඩි කතාබහක් නොවීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනය හරියට දැනගන්න, එදාටම අපේ එකත් ක්‍රියාත්මක කරමු.
amnesty international , යුරෝපා සංගමයේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටිමි!.
ඇමෙරිකාවේ මෙය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්ත අනුව මිස මුළු රටේම නොවේ.
ඉතින් අපිට බැරි ඇයි? "ඒ වගේම වින්ඳිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා" ඔවුන් වෙනුවෙන් අපේ රටේ මරණීය දණ්ඩනය ක්රීයාත්මක කරමු. මරණ හැටි පෙන්වමු. මිනිසුන්ට අත්පුඩි ගහන්න කියමු.
අපේ උදවිය උඩ නොපැන්නොත් ඇති අපිව ආදර්ශෙට අරගෙන කියලා.
හැම දේටම විරුද්ද වෙන ආත්මාර්ථකාමී ජනතාවක් හා දේශපාලකයෝ නැති නිසා මේ රටවල නිතිය ක්‍රියාත්මක වේ
දරුනු ගනයේ අපරාධකරුවන්ට වඩා කුඩු පැකට් 10 කින් තරුණ ජීවිත විනාශ කරන්නන් භයානකය.
“අධිකරණ දෙපාර්තමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට පියවර ගන්නවා. ඒ වගේම වින්ඳිතයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපට වගකීමක් තිබෙනවා. අධිකරණ පද්ධතිය තුළින් මරණ දඬුවම පැනවූවා නම් අපි එය ක්‍රියාත්මක කළ යුතු” මෙහෙම කියන්න කොන්ද පණ තියෙන එකෙක්වත් මේ ආණ්ඩුවේ ඉන්නවද?
අල්විස් මල්ලි, ඔය ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්, යුරෝපා සංගමය, ජාත්‍යන්තර ප්‍රජාව, ඇන්.ජී.ඕ නඩ ආදිය ඔය සම්බන්ධයෙන් "හුම්" සද්දයක් කරන එකක් නෑ. ගල්බිල්ලෝ ටික වගේ සද්ද නැතිව ඉඳියි. ඒ ගොල්ලෝ පාට් දමන්නේ, ටොකු අනින්නේ, රැස් පෙන්නන්නේ අපට විතරයිනේ... මිටි තැනින් වතුර බහිනවා කියන කතාව අහලා නැද්ද?
අපේ රටේ විතරයි විහිළු කරන්නේ. උසාවියෙන් දීපු නඩු තීන්දුව උසාවියෙන්ම ප්‍රශ්න කරනවා. පොලීසියෙන් අල්ලනවා.. නීතියෙන් එළියට දානවා. ආයෙමත් ඒ මිනිසුන් ඒ වරදම කරනවා.