(නාලක සංජීව දහනායක)
ජනාධිපතිවරණයක් ජයග‍්‍රහණය කළ හැකි මට්ටමේ කිසිදු පුද්ගලයකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සතුව නැතැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා අද (25) පැවැසීය.
ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළ යුත්තේ සටනක් දිය හැකි අශ්වයන් මිස කකුල කැඩුණු අශ්වයන් නොවන බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා හොදට සටන් කළ හැකි අශ්වයන් කිහිපදෙනෙකු තම පක්‍ෂය සතුව සිටින බවද පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධානගතවනවාට කිසිදු අකමැත්තක් නැති බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා එමෙත් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය තම පක්‍ෂය සතුවිය යුතු යැයිද කීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දුවන්න පුළුවන් අශ්වයන් මිස කකුල කැඩුණ නොන්ඩි ගසන අශ්වයන් නොවන බව කී අතර සටනක් දිය හැකි හොදම මට්ටමේ අශ්වයින් කිහිප දෙනෙකු තම පක්‍ෂය සතුව සිටින බවද දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
බොහෝ දෙනෙකු ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බ්නධයෙන් දැඩි බියකින් පසුවන බව කී අමුණුගම මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස තම පක්‍ෂය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම යෝජනාකළහොත් කුමාර වෙල්ගම මහතා ඇතුළු කිහිප දෙනෙකු පක්‍ෂයෙන් ඉවත්විය හැකි බව ද කීය.
කෙසේ වෙතත් කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු අහිමිවීම පාඩුවක් බව බවත් ඇතිව තිබෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් වෙල්ගම මන්ත‍්‍රීවරයා සමග කතා කිරීමට බළාපොරොත්තු වන බවද අමුණුගම මන්ත‍්‍රීවරයා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා... දන්නෙත් නැහැ කියනකම්. පුදුමත් හිතෙනවා මෙතුමගේ පෘතූල දැනීම ගැන....
ජනපතිවරණය තබා එක ආසනයක්, ප්‍රාදේශීය සභාවක් වත් දිනා ගන්ට ශ්‍රීලනිපයට දැන් ශක්තියක් නැහැ. සිරිසේන මහත්තයා ඒ ගෞරවනීය පක්‍ෂය, පංච මහා බලවේගය ඒකරාශී වූ පක්‍ෂය, එජාපයට ගැට ගසා මරා දමා අවසන්...