පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ පැවැත්වෙන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ මාධ්‍ය කලාපයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී මෙසේද කීය.
මා විදෙස්ගතව සිටියදී කසළ කන්ටේනර් සිද්ධිය ගැන දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඒ අවස්ථවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නා.
අපි සම්පුර්ණ වාර්තාවක් පිටරටකට ඕස්ටේ්‍රලියාවට, ඇමරිකාවට යනකොට පිසින ලද කෑම ටිකක්වත් අරගෙන යන්නේ නැත්තේ ඒ තුළින් විෂබීජ ඒ රටවලට පැතිරී කෘෂිකර්මයට හානි වේය කියන භීතිකාව නිසයි.
නමුත් පිටරටවලට එපාවූ කුණු ශ්‍රී ලංකාවට ගෙන්නුවේ කවුද? ගෙන්නුවේ කොහොමද? ගෙනෙන්න අවසර දුන්නේ කවුද? යන්න එය සොයා බලා ඊට වගකිවයුතු ඒ උදවියගේ තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කිරීමට කටයුතු කරනවා.
ඒ වගේම ඒ කුණු ආපසු ආපු දිහාවටම යවන්න ඕනෑ. නමුත් ඒක නොවෙයි විසඳුම. මේ වෙනකොට ඒ කුණු කසළ ලංකාවට ඇවිත් සති ගණනාවක් තිස්සේ තිබිලා සිද්ධ වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.
ඇත්ත වශයෙන්ම ඒවායේ තිබුණු විෂබීජ මේ වනවිටත් අපේ රටේ පරිසරයට මුසුවෙලා ඉවරයි. ඒ නිසා ඒ ගැනත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් කිසි දෙයක් සැඟවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට යන්න වීසා ඉල්ලන්න බලන්න ඉල්ලුම්පතේ එක අකූරක් වැරදුනොත් ඒක කුණු කූඩෙට දානවා ලංකාවේ අපිට සලකන්නේ එහෙමයි. ඉගෙන ගන්න දරුවන්ගෙන් කොච්චර සල්ලියක් උදුර ගන්නවද? එහේ ජීවත්වෙන අපේ මිනිස්සු කොච්චර දුක්විදිනවද? ඒරටේ නීති රෙගුලාසි වලට අනුව ජීවත්වෙන්න. එහෙම තියෙද්දි උන්ගේ කුණුත් අපිට ගෙනත් දුන්න උඹලාට හොඳක් වෙන්නෑ නෑ මයි.
ඒ වගේම ඔහෙලගේ මේ ගඳ ගහන කුණු ආණ්ඩුවෙනුත් රටට වෙන්න ඕන ඔක්කොම නැස්පැත්ති වෙලා ඉවරයි ඇමතිතුමෝ.
අවසානෙට මෙව්වා ගෙන්නපු ඈයෝ පාර්ලිමෙන්තුවටත් ගිහින් තමා නඩුව ඉවර වෙන්නේ
කුරුඳු පොලු කාරයින්ට දැන් තමයි තේරිලා තියෙන්නේ... කොහොමත් බලු පොරය කිට්ටු වෙනකොට "ඔක්කොම බල්ලන්ගේ මොලේ පෑදෙනවා ".. කඩිනම් සේවය මතක් වෙනවා එකී මෙකීනොකී සියලුම දේ මතක් වෙනවනේ..
මේ වගේ කුණු වුණු ආණ්ඩුවකින් මේ රටට වෙන්න තියන සේරම කුණුවෙලා ඉවරයි.
හරියට මහ බැංකුවට කට්ටියත් එක්ක එකතුවෙලා විදලා රටටම කරපු හානිය වගේ නේද? එ්කෙන් ආණ්ඩුවට කඩේ ගිය ලක්ෂ 62 විතරක් හානි වුණා... තව කමක් නැහැ. එක එක ආණ්ඩුවලට කඩේ නොගිය අපිට හානියක් නොවී...
අපිට කියන්නේ හරියට අපි ආණ්ඩු කරනවා වගේ....
එ්කත් හරියට අර 62ක් 2015දී ඔබලාව පත්කළා හා සමානයි. එ්ත් කුණු ගොඩක් තමයි.
පිටරටවලට එපාවූ කුණු ශ්‍රී ලංකාවට ගෙනෙන්න අවසර දුන්නේ කවුද? ඉතින් ඕක අපෙන් අහන්නේ නැතුව, ඔයගොල්ලන්ගේම කට්ටියේ කෙනෙක්ගෙන් ඇහුවා නම් කියයි...