(එෆ්.අස්ලම්)
පවතින මැතිවරණ ක්‍රමයට අනුව ජනාධිපතිවරුන් සිව්දෙනෙකුම බලයට පත්වූයේ මුස්ලිම් ප්‍රජාවේ සහායෙන් බවත් මුස්ලිම් ප්‍රජාවගේ සහාය නොමැතිව කිසිවෙකුට ජනාධිපතිධූරයට පත්විය නොහැකි බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පවසයි.
කාත්තාන්කුඩි දාරුස්සලාම් ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාප්ති කිහිපයක් ආරම්බ කිරීමේ උත්සවයක් හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එහිදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව අවධාරණය කළහ.
"ජේ.ආර්.ජයවර්ධනගේ පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා පත්වූ මෙරට ජනාධිපතිවරුන් සියලුදෙනාම බලයට පත්වුනේ මුස්ලිම් ප්‍රජාවගේ සහාය නිසයි.වත්මන් මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ දා පටන් ආර්.ප්‍රේමදාස,චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන කියන මේ ජනාධිපතිවරුන් සිව්දෙනාම බලයට පත්වුනේ මුස්ලිම් ඡන්ද නිසයි.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්න නම් ඔහුට ජයග්‍රහණය කරන්න වෙන්නෙ නැහැ. ලක්ෂ අටක මුස්ලිම් ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නා.මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසනවා. නමුත් මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැහැ "යැයිද හිස්බුල්ලා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති නෙමේ ඕනනම් සිංහලයා සමගි නම් අති බහුතරේ එක්ක කිසිම සුළු ජාතික සහයක් නැතුව ආණ්ඩුවක් උනත් පිහිටුවන්න පුළුවන්. සිංහලය අසමගි වෙලා ඉන්න තාක් කල් ඉතින් මෙයාල මේ වගේ ප්‍රකාශ නිකුත් කරන එක වලක්වන්න බෑ.
අපි වැඩේ වුනාට පසේ කතා කරමුද මහත්මය
හිස්බුල්ලා අමතක කරන්න එපා, ලංකාවේ සිංහල ජනගහනය සියයට 70 ඉන්නවා කියලා
හුරේ, ජය ඔබටයි මැතිදුනි.
අපෙ අය කුලල් කා ගන්නකම් ඔය කථාව ඇත්ත. ඒත් බලමු. මෙපාර නම් ඕක වරදිනවා
මේ තමයි අද අපේ රටේ පවතින ගෝත්‍රික දේශපාලනය. ඉන් බැහැර වූ දාට අපටත් දියුණු රටවල් හා එක්ව සිටගත හැක.
සහතික ඇත්ත
සම්පුර්ණ ඇත්ත කතාව. අපේ සිංහලයන් ටික සමගියක් නැති කම නිසා මුස්ලිම් ඡන්ද නැතුව ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැහැ
ඉතින් ඡන්දය නොදී ඉන්නකෝ.
මෙයා කොහොමද දැන් රජයේ සංවර්ධන ව්‍යාප්ති කිහිපයක් ආරම්භ කරන්නේ? මෙයා කවූද දැන්? දැන් රජයේ මොන තනතුරු දරන්නේ?
සිංහලයාගේ එකමුතුකමක් නැති කම තමයි මේකට මුල.
පේනවා නේද බලය.
දැන්වත් ඇස් ඇරලා බලන්න. පක්ෂ පාට වලට බෙදිලා කා කොටා ගන්න එක දැන්වත් නතර කරන්න.
ඇත්තද බලමු එන මැතිවරණවලින්.....
ඊලග මැතිවරනෙන් කොහොමත් ලොකු වෙනසක් වෙනවා. බයවෙන්න එපා සිංහලයෝ අන්තිම අවස්ථාවේදී එකතු වෙනවා. යුද්දේ අන්තිම අවස්ථාවේදී ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ සිංහලයන් සමග එකට එකතු වුණා. ඒකේ බලය මුළු ලෝකෙම දැක්කා. මේ ලංකාව තුල සිංහලයන්ව කොන් කරලා ඕනෙම ජාතියක් මොනවා කරන්න හැදුවත් සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රබාකරන් අවුරුදු 30ක් යුද්ද කලා. දකුණු ඉන්දීය ආක්‍රමණ අවුරුදු දහස් ගණනක් මේ රටේ සිංහලයන්ව නැති කරන්න බැලුවා, ඒත් බැරි වුනා, පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රීසි ඔය කාටත් බැරි වුනා සිංහලයන්ව නැති කරන්න මේ රටෙන්. සුළු මුස්ලිම් කොටසක් හිතන් ඉන්නවනම් එක හීනයක් විතරයි. සිංහලයන් සමග අනෙක් ජාතීන් එකතු වෙන්න ඕනේ. මේ රට ගොඩ නගන්න , එහෙම නැතුව සිංහලයන්ව පැත්තකට විසි කරලා මේ රටේ අසාධාරන ලෙස බලය අල්ලන්න ගියොත් වෙන දේ මොකක්ද කියල ඉතිහාසය එකවරක් නොවෙයි සිය වරක් ඔප්පු කරලා තියෙන්නේ.
එහෙම හිතාගෙන නේද ඔයාලා ඔය කරන වැඩ ඔක්කොම කරන්නේ
කෙස් ගහ පවා පිටරටවල මිනි සුන්නේ උස් නිදහස පිණිස සටන සැර සෙන්නේ හිස් මොල තිබෙද්දිත් මේ වග නොත කන්නේ ඇස් ගෙඩිවලට හෙන ගහලද සිහලුන්නේ
මේ රටේ ඡන්දයකදී ඕනෑම අයකුට දෙන්නේ තම රටේ ඡන්දහිමි පුරවැසියන් විසින්. ඒ පුරවැසියන් සිංහලද දෙමලද මුස්ලිම්ද කියන එක අදාල නැහැ. ඒ අර්ථයෙන් නම් ඉතින් පුරවැසි මුස්ලිම් අයගේ ඡන්දයත් කාට වුනත් අවශ්‍යයි. ඒත් මේ ප්‍රකාශය කර ඇත්තේ ජාතිවාදී පදනමකින් නම් බෞද්ධ වේවා, කතෝලික වේවා සියළු සිහලුනි එකාවන්ව ජාතිවාදයට ත්රස්තවාදයට එරෙහිව එක රටක් එක නීතියක් යටත් පෙල ගැසීමට සිත ශක්තිමත් කර ගන්න. කන බොන අදින පලදින සෑම චර්යාවක්ම ඒ පදනමින් සිදු කරන්න. සුළු ජාතීන්තේ ජාතිවාදය පිටුපස හැම විටම ත්‍රස්තවාදයත් සැඟවී තිබෙන බව තේරුම් ගන්න.
කාලය පැමිණ ඇත. ජාති කුලමල ආගම් බේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයෝ සිංහලයන් සමග එකට එකතුවන්න ! බලය පෙන්නමු!
ඔයාට මේ ගමන බලා ගන්න හැකි 70% බලය.
හිස්බුල්ලහ්ගේ කතාව පිළිගත නොහැක. ජනතාවගේ දිශාව වෙනතකට යොමු කරන්න ඔහු උත්සහ කරනවා. ඔහුත් දේශපාලනය කරන කෙනෙක්නෙ.
ඉදිරියේදී පත්වන ජනාධිපති සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනතාවගේ ඡන්දයෙන් පත්විය යුතුයි. නමුත් ඔහු අනිවාර්යයෙන්ම හිස්බුල්ලා අසාද් සාලි මෙන්ම ඔවුන්ගේ පවුල්වලවත් සම්බන්ධයක් තිබෙන ඡන්ද නොගත් විය යුතුයි. ඒ මක්නිසාද යත් ඇතිවීමට යන වාර්ගික අර්බුදය විසඳීම සඳහා අන්තවාදයෙන් මිදී නිවැරැදි තීරණ ගතහැකිවීම නිසාය.
මෙයා හිතන් ඉන්නේ මුස්ලිම් මිනිස්සු ඔක්කොම මෛත්‍රීට ඡන්දෙ දුන්නා කියලද? අනික ඔයා හැම මුස්ලිම් මිනිහවම නියෝජනය කරන්නේ නැහැ. එයාලට වෙනවෙන නියෝජිතයන් ඉන්නවා. ඔයාගේ මතය හැමෝගේම මතය නොවේ...
පුලුවන්නම් සිහලුන්නේ, එකතු වෙලා පෙන්නපියව්, කොහොමද රට හැදිය යුත්තේ, හිතපල්ලා ඊට පස්සේ. යට නොවී ලෝකෙට, පුළුවනි නැගිටින්න අප හට, ඉවතදා රට බඩු.., හදමු උන්ටත් අපේ රජ බඩු... හිත ඇත්නම් පත කුඩාද?
සියයට 70ක් හිටියට වැඩක් නැහැ. එකමුතුකමක් නැහැ. ඒකනේ සූත්තරපුංචා මේ අයට ආදරේ...