(නිමල කොඩිතුවක්කු)
නාරහේන්පිට, ඇල්විටිගල මාවතේදී ඉදිකරන ලද ”නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනතා අයිතියට පත් කෙරිණ.
නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත රුපියල් මිලියන 5,583ක වියදමකින් ඉදිකර ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාපෘති 2,000ක් ජනගත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම අමාත්‍යාංශ සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරිණි.
මහල් 5ක් ලෙස පැවති කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය ලෙස මහල් 20ක කාර්යාල සංකීර්ණයක් ලෙස පුළුල් කිරීමේ වැඩකටයුතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ යෝජනාවක් මත 2016 ජනවාරි මස අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් ඇරඹුණි.
එහි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලූම අංශ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ආසන 100ක් සහ 200ක් සහිත ශ්රාවණාගාර 2ක්, වාහන 100ක් නවතා තැබීමේ පහසුකම්, තිඹිරිගස්යාය උපතැපැල් කාර්යාලය, ලංකා බැංකු ශාඛාවක්, බැංකු ටෙලර් යන්ත්‍රය, ආබාධිත පුද්ගලයින්ගේ පහසුව සහිත විදුලි සෝපාන 5ක්, ආපන ශාලාවක් සහ කුඩා සුපිරි වෙළඳසැලක් සමන්විතය.
නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් අනුව නිමවා ඇති මෙම ව්‍යාපෘතිය සඳහා සූර්ය පැනල පද්ධතියක් ද ස්ථාපිත කර ඇත.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ රාස්සි මොකද මේ පැත්තේ?
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම අලුත් ගොඩනැගිලි හැදුව පමණින් කල නොහැක. ඒ සඳහා විනය ඇති කර දුෂණ අඩුකර ගුණ ගරුක සේවක පිරිසක් බිහි කල යුතුයි. ඒ කෙසේ වෙතත් හැම තැනටම ගෙවපු කුලී අඩු වුනා නම් ඒකත් ලොකු දෙයක්.
මහල් විස්සක්. වාහන පාකින් එකේ වාහන කියක් ගහන්න පුලුවන්ද? බොරැල්ල නාරාහේන්පිට පාරේ කිලෝ මීටර් 1 ක් වාහනේක යන්න පැය බාගයක් විතර යනවා. කාර්යක්ෂම සේවයක් ගැන කතා කරනවා. ඕක නෙමෙයි කරන්න ඕන. හැම දිස්ත්‍රික්කයකම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලදාරීන් අනුයුක්ත කරලා ජනතාවට අදාළ දිස්ත්‍රික්කය තුල ඉඳලම වැඩේ කරගන්නයි පහසුකම සලසන්න ඕන. එහෙම නැතුව මුළු ලංකාවේම සෙනගව කොළඹ තට්ටු 20 ක් ඇතුලට ගෙන්නාගෙන රස්තියාදු කරන එක නෙමෙයි. අපේ රට තට්ටු ගණන් උඩ ගියාට 3 වෙනි ලෝකයෙන් මිදෙන්නේ නැහැ .
අපගේ දැනුම වර්ධනය කරගැනීම සදහා කව්රුන් හෝ මහත්ම/මහත්මියක් සිටිනම් අපගේ පහත සදහන් පැනයට පිළිතුරු ලබා දීමට එය ඔහු හෝ ඇය කරගන්න පිනකි. මෙහි සදහන් " ජනතා අයිතියට පත් කෙරිණ." යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට තේරෙන විදියටනම් කෙනෙකු තමන්ගේ පුද්ගලික ධනය වැය කොට සාදා කුමක් හෝ ජනතාවගේ ප්‍රයෝජනය සදහා බාරදීමක් ලෙසය. සමහටවිට අපගේ අර්ථකථනය සම්පුර්ණයෙන්ම වැරදි වන්නට පුළුවන. කෙසේ වෙතත් කව්රුන් හෝ අපව දැනුවත් කරන්නේනම් එය මහගු පිනකි.
මම හිතුවේ අරලිය ගහ මැදුර කියලා...