(රංජන් කස්තුරි)
විශ්‍රාමිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන බැංකු පොලී අනුපාතය ජූලි මාසය අගදී තවදුරටත් අඩු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
විශ්‍රාමිකයන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝදෙනෙකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයෙන් සිය ජීවන කටයුතු සිදුකරගන්නා බැවින් දිනෙන් දිනම පොලී අනුපාත පහත දැමීමෙන් තමන් බලවත් අසරණ තත්වයට පත්වන බවද ඔවුහු කියති.
මෑතකදී අවස්ථා දෙකකදී බැංකු පොලී අනුපාත පහත දැමූ අතර, තෙවන වරටත් පොලී අනුපාත අඩුකිරීමෙන් තමන් බලවත් අසරණ තත්ත්වයට පත්වන බවද විශ්‍රාමිකයෝ පෙන්වා දෙති.
වයස අවුරුදු 60 දක්වා වන තැන්පතුකරුවන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලී අනුපාතය 9.33% දක්වා මේ වනවිට අඩුකර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතය 11.5% සහ 12% දක්වා පහත දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙදි සලකන්නම්.....
ඡන්දේ ඉවර වෙනකන් විතරයි, බය වෙන්න එපා තිබ්බටත් වඩා වැඩි වෙනවා.
දෙන්නම් උඹලට ඡන්දෙ. බලන් ඉඳපන් උඹලගේ පැන්ෂන් එකත් වැඩිකර ගත්තා. හොර ජෙප්පෝ ඒගැන කතාවක් නැහැ.
විශ්‍රාම වැටුප වැඩි කරලා තියෙන්නේ. හැම අතින්ම ලාභ ගන්න බෑනේ.
රටකට ඕන අපමණ අගයක් .
රටට කිසි වැඩක් කර නොමැති අය විසින්, වසර 30-40 ගණන් රටට මහත් සේවයක් කල උතුම් මිනිසුන්ට ඇති ප්රතිලාභ කපා හැරිම ඉතාම නින්දිත ක්‍රියාවකි.
විශිෂ්ට තීරණයක්. පොලී අඩු කරන්නැතුව ආර්ථිකේ දියුණු කරන්න බැ
බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ට නොතේරෙන මේ දේශපාලන මාෆියාව ඉතා ගැඹුරු දෙයකි. මැතිවරණ කිට්ටුව නැවතත් ඔය පොළිය පෙර පරිදි ලබා දීම හෝ අගමැතිගේ විරෝධය නිසා මේ පොළී අඩු කිරීම නතර කිරීමක් වැනි රංගනයක් ඉදිරියේදී සිදු වීමට නියමිතව ඇත. ඔවුන් විසින් ප්‍රශ්න නිර්මාණය කර ඔවුන් විසින්ම ඒවා විසදීම මොවුන්ගේ උපායන්ගෙන් එකකි. ඔබ සියලු දෙනා විමසිලිමත්ව සිටීම ඉතා වැදගත්ය.
මා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවක මුදල් යෙදෙව්වේ එහි පොලියෙන් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා මුල් මුදල දරු මුණුපුරන්ගේ ප්‍රයෝජනට තබා මිය යන්නයි. එහෙත් දැන් එය තවදුරටත් කල නොහැකි වෙනවා. හෙටම එම ගිණුම කැන්සල් කර සල්ලි ටික අතට ගන්නවා. ඒ සල්ලිවලින් පුළුවන් කාලයක් සතුටින් කාලා බීලා මැරිලා යන එක හොඳයි කියලා හිතෙනවා.