(නිමල කොඩිතුවක්කු)
ක්‍රියාශීලී දිස්ත‍්‍රික්ක කාර්යාල ක‍්‍රමයක් ඇති කර ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධන වේගය වැඩි කිරීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
ආණ්ඩුවේ යාන්ත‍්‍රණය තුළ සහ පෞද්ගලික අංශයේ අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදුකරමින් අපනයන ආර්ථිකයකට ලංකාව යොමු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද ”නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (25) එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘අද කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ අලුත් ගොඩනැගිල්ලේ කටයුතු අපි අවසන් කළා. මේකේ පළමුවෙනි අදියර ආරම්භ කළේ 2014 වසරේදීය. එදා මුදල් නොමැති නිසා ඒ ගොඩනැගිල්ලෙන් අවසන් වුණා.
නමුත් 2015 දී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ අපි අලුත් ආණ්ඩුවක් හැදුවා. අපේ එක අරමුණක් වුනේ බස්නාහිර පළාත තුළ මහා නාගරයක් ඇති කරන්නයි. එතනට මේ නගර සියල්ලම එකතු කර ඒවා නවීකරණය සහ සංවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වුණා.
දැන් අපිටත් යන්න තියෙන්නේ තාක්ෂණ තරඟයට. ඒ තාක්ෂණායෙන් තමයි ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය තරඟකාරී කරන්න පුලූවන් වෙන්නේ. දැන් සම්පූර්ණයෙන්ම අපිට යන්න තියෙන්නේ අපනයන ආර්ථිකයකටයි. අද බැලුවොත් තොරතුරු තාක්ෂණය සඳහා අනූදහසක හිඟයක් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඒක වැඩිවෙනවා.
ඒ වගේම අපේ කෘෂිකර්ම ඇමතිතුමත් එක්ක සාකච්ඡා කරන්නේ ඊළඟ අවුරුදු දහයේදි අපි කෘෂිකර්මයේ නවීකරණයක් ඇති කරනවා. අපිට පුලුවන් අපේ වී වගාවෙන් අක්කරයකට ලැබෙන අස්වැන්න වැඩි කරන්න. වෙනත් බෝගවගා කරන්න. කන්න තුනකට වගා කරන්න.
අපි ගිහින් පළමුවෙනි ශීත කරන සහිත සැකසුම් මධ්‍යස්තානය අනුරාධපුරයේ විවෘත කළා. තව එකක් දඹුල්ලේ තව එකක් වැලිමඩ මේ වගේ ඒවා සීයක් විතර එන අවුරුදු දෙකේදී විවෘත කරනවා. අලුත් නවීකරණයක් එතෙන්ට ගේනවා. මේ සියල්ලක්ම දියුණු කරලා අපිට තියෙන්නේ අපනයන ආර්ථිකයකට යන්න. අපනයන ආර්ථිකයකට යනවිට අපිට ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා.
ආයෝජන ව්‍යාපෘති සඳහා ආණ්ඩුවෙන් අනුමැතිය ලැබෙන්න යන වෙලාව දිහා බැලුවොත් ආයෝජකයාට එපා වෙලා ආපහු යනවා. ඉඩමක් ලබා ගන්න, ආයෝජනයක් කරන්න, බඩු භාන්ඩ ගේන්න අපි අලුතින් හිතන්න ඕන. අපේ පරිපාලනය කොහොමද එතෙන්ට දියණු කරන්නේ කියලා බලන්න ඕන. ඒ සඳහා කේන්ද්‍රස්ථානයක් ඇති කළ යුතුයි.
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍රස්ථානය කිරීමෙන් එම කාර්යාල මගින් එම තීන්දු එකවර ගත හැකියි. ඒක අමාරුවක් නෙමෙයි. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්ත 200ක් දමද්දී අපි සති හතරකින් මේ කටයුත්ත සිදුකළා. කර්මාන්ත අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණය කරලා දිසා ලේකම් කාර්යාලයෙන් එම කටයුතු කළා.
අද පුලුවන්ද සති හතරකින් මේ වගේ කටයුත්තක් කරන්න. ඉඩමක් ගන්නත් බැහැ. මම බියගම වෙළඳ කලාපය ඉඩම් අත්පත් කරගෙනත් අවුරුදු තුනකින් කලා. අද අවුරුදු ගණනක් යනවා ඉඩම් ටික අත්පත් කරගන්නත්.
ජේ. ආර් ජයවර්ධන මහතා 1978 මහවැලිය ආරම්භ කරලා 1990 වනවිට ඒක අවසන් කළා. අද එක විදුලි බලාගාරයක් ආරම්භ කරන්න අවුරුදු 20ක් යනවා. ජලාශයක් හදන්න අඩුගානේ අවුරුදු 10ක් විතර යනවා.
මේ වේගයෙන් අපිට යන්න බැහැ. තායිලන්තේ, චීනයේ එච්චර කල් යන්නේ නැහැ. නීති රිති තියෙනවා, විනිවිද භාවය ආරක්ෂා වෙනවා. ඒ තීන්දු තීරණ ගැනිමට අපිට සීඝ‍්‍රයෙන් කරන්න තියෙනවා. දිස්ත‍්‍රික්කය හරියට ක‍්‍රියාත්මක කරනවනම් අපිට ඒ තීන්දු ගන්න එක දිස්ත‍්‍රික්කය තුලින්ම කරන්න පුලූවන්.
දැන් තියෙන්නේ ක‍්‍රියාශීලී දිස්ත‍්‍රික්ක කාර්යාල ක‍්‍රමයක් ඇති කරන එකයි. ඒ නිසා අපි දැන් සූදානම් වෙන්න ඕන දිස්ත‍්‍රික්ක තුළ වෙන්න පුලුවන් පෞද්ගලික අංශය තුළ වෙන්න පුලූවන්, අනෙක් අමාතයාංශ තුළ වෙන්න පුලූවන්, විශාල ව්‍යසායකයන් තුළ වෙන්න පුලුවන්, කුඩා ව්‍යවසායකයන් වෙන්න පුලුවන්, අපනයන ආර්ථිකයකට ලංකාව යොමු කරන්න අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ආණ්ඩුවේ යාන්ත‍්‍රනය තුළ සහ පෞද්ගලික අංශයේ සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
එහි ඉදිරි පියවරක් විදියට තමයි අපි මේ වරාය නගරය ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්තානයක් බවට පත් කරන්න පියවර ගෙන තියෙන්නේ. විදේශ රටවල් දෙකක් අතර මෙතනින් ගනුදෙනු කරනවනම් එතෙන්ට අපි බදු සහන ලබා දෙන්න ඕන.
ඩුබායි, සිංගප්පූරුවේ මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙනවා. අපත් ඒක ඇති කළ යුතුයි. ඒත් ඒක මේ අපනයන ආර්ථිකයේ එක් ප‍්‍රධාන කොටසක් වනවා.
අපි හම්බන්තොටට රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව ඉදිරිපත් කරලා තියෙනවා. නිෂ්පාදනය වෙනුවෙන් අක්කර දහ දාහක විතර වෙලඳ කලාප ඇති කරන්න යනවා. නැත්නම් මේ වරාය අපිට ගෙනියන්න බැහැ.
සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණය, උසස් අධයාපන ආයතන මේ සියල්ලක්ම අපේ රටේ තියෙන්න ඕන. එතෙන්ට යන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඒ ගමනට තමයි විශේෂයෙන්ම මේ කාලයේදි ඒ පසුබිම හදන්නේ.
ඒක කරන්න පුලුවන් වෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයට මේ නවීන පහසුකම් තියෙන නිසයි. දිස්ත‍්‍රික්ක මට්ටමෙන් පමණක් නෙමෙයි ප්‍රාදේශීය මට්ටමෙනුත් මේ කටයුතු දියුණුකිරීම ගැන අපි වජිර අබේවර්ධන මහතාට ස්තූතිවන්ත විය යුතුයි. එතුමා විශාල උනන්දුවක් අරගෙන තියෙනවා මේ පහසුකම් අපිට ලබලා දෙන්න.
මේ රටේ දිස්ත‍්‍රික්ක පරිපාලනය, ප‍්‍රදේශිය පරිපාලනය තවත් ශක්තිමත් කරන්න මේ අවුරුදු කිහිපයේදී එතුමා ගත්ත පියවර වල ප‍්‍රතිඵල ලැබෙන්නේ ඊළඟ අවුරුදු කිහිපයේදි කියලා මම කියන්න කැමතියි.
ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල මහතාත් මේ කටයුතු වලට විශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම පළාත් පාලන අංශයේ මෙතුමත් එක්ක වැඩ කළ හැරිස් ඇමතිතුමා ගැනත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. දක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් එක්ක වජිර අබේවර්ධන මහතා මේ කරන සේවයත් අමාත්‍යාංශ ලේකම් ඇතුලු ඒ පිරිස කරන සේවයත් අපි විශේෂයෙන් අගය කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න කිට්ටු වුනාම හුඟක් දේවල් මතක් වෙනවා.
සේරමලට වේගයෙන් රට දියුණු කරන්න, මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන්න, නඩු අහන්න මතක් වෙන්නේ කාලේ ඉවර වෙලා ඡන්දෙ ලන්වෙනකොට
1987 පළාත්සභා ඇතිකරන තුරුම තිබුනේ ක්රියාශීලීී දිස්ත‍්‍රික් පරිපාලන ක‍්‍රමයක්. ජයවර්ධන ජනාධිපතිතුමා පළාත්සභා ඇතිකලා 1992 දී ප්‍රේමදාස ජනපතිතුමා එතෙක් පැවති දිසාපති ක‍්‍රමය ඉවත්කලා. රටේ පාලනය දුර්වල වුනා. අනවශ්‍ය වියදම් වැඩිවුනා. නැවතත් දිස්ත‍්‍රික් පාලන ක‍්‍රමයක් ඇති කලොත් එදාමෙන් තීරණ ගැනීමේ දක්ෂ නිළධාරීන් සිටීද කියා සිතන්න බැහැ. ඒවාටත් පිළියම් යෙදිය යුතුයි. ඒ සදහා 1970 න් පසුව ක්‍රියාත්මකවූ මන්ත්‍රී හිතවතුන්ට පත්වීම්දීමේ ක්‍රමයත් අහෝසිකර දක්ෂයාට පත්වීම් දෙන ක්රමයක්ද ඇතිකල යුතුය. පලාත්සභා වලට වඩා දිස්ත‍්‍රික් පාලනය ක්රියාශීලී බව කිවයුතු නැත.
අවුරුදු 4ක් තිස්සේ කරපු සංවර්ධනය හොදටම ඇති. තවත් ඉතුරු වෙලා තියෙනවද? සංවර්ධනය කරන්න.
ඔබට යන්න කාලේ හරි. කරුණාකර මක බෑවිලා යන්න.
විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි... රැකියා ලක්ෂ 10 බිහිකර යෝධ සංවර්ධනයක් කර ජනතාවගේ අතමිට සරු කළේ ඔබතුමායි.
මදැයි මෙච්චර කල් වේගයෙන් කරපු වැඩ...! දැන් වයසට ගියා වැඩියි, කොහොමටත් වේගවත් වෙන්නේ නැහැ.
චමින්ද 1977 ජේ.ආර් 5/6 ක ජනවරමක් ලැබුවේ පළාත් සභා පිහිටුවා බලය විමධ්‍යගත කරන බව එම ඡන්ද ප්රකාශනයෙහි දෙවැනි වගන්තිය ලෙස සටහන් කර වේදිකාවලද ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බව ඔබ නොදන්නේ නම් ඒ ප්රකාශනය හොයාගෙන කියවා බලන්න. එදා පළාත් සභා පිහිටුවීම එතරම් අවශ්‍ය වී තිබුණා. දෙමල -මුස්ලිම් ආනයන අපනයන ප්‍රවාහන ඒකාධිකාරය ඒ සියල්ල නවතා ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිඟයක් ඇතිකර හාල්, පොල්, මිරිස් දමා 1975 දී දොරේඅප්පා මරාගන සිරිමාවෝ රජයට විරුද්ධව ඇතිකළ ඊලාම් යුද්ධයෙන් රට අන්ත අසරණ වෙලා තිබියදී 1977 ජේ.ආර්. බලයට ආ දවසේම ඊලාම් යුද්ධය නැවතුනේ පළාත්සභා පිහිටුවීමට අමෘතලිංගම් කැමතිවීම නිසයි. විවෘත ආර්ථිකය ඇතිකර රැජින ඇතුළු ලෝක ප්‍රජාවගේ සහයෙන් නිදහස් වෙළඳ කලාප පිහිටුවා මෙතෙක් නොවූ විරූ සීඝ්‍ර දියුණුවක් ඇතිකරමින් රට වැසියන්ට ඉන්ටර්නෙට් මගින් මුලු ලෝකය සමග සම්බන්ධ වී දියුණුවෙන්න මග පැදුවේ එලසිනි. ඒ එදා, අද තවත් වෙනසක් අවශ්‍ය වෙනවා. රටක නීති ව්‍යවස්ථා හා පාලන ව්‍යුහය කාලෙන් කාලෙට ලෝකේ අනුව පැවැත්මට අවශ්‍ය ආර්ථිකය උදෙසා කාටත් වෙනස් කරන්නම වෙනවා. රජකාලේ ක්‍රම අදට ගැලපෙන්නේ නැහැ වගේ තමයි...
නින්දෙන් නැගිටිනවා... බුරනවා... ආයෙත් නිදාගන්නවා.. ආයෙත් නැගිටිනවා..
අනේ මේකට මහන්සි වෙනවද මන්දා? මේ වසර 4ක්ම කළ වැඩ දැක්කම අනේ පව් කියලා හිතෙනවා. දැන් විවේක ගන්න එ්ක හොඳයි නේද?