(අජන්ත කුමාර අගලකඩ)
ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද හෙට (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූරවල දිවුරුම් දෙති.
ඒ අනුව රාවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතය.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු නව දෙනෙක් ඉකුත් ජූනි මස 3 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූහ.
ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 9 වැනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් ඇමැතිධූරවල දිවුරුම් දුන්හ.
ඉතිරි මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනාට ඇමැති ධූර ලබා දෙන්නැයි නිර්දේශ කරමින් ඔවුන්ගේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24) යවනු ලැබීය.
ඒ අනුව ඔවුන් හත් දෙනා හෙට (26) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු!
යහපාලනය ...
රතන හිමිට මොනවා වෙයිද ?
මේ අය නැතිව රජයක් පිහිටවන්න බෑ කියන මතය දැන් ප්‍රකාශයට පත් වෙලා, ඇත්තනේ අපේ සිංහලයා මලට පාටට යට වෙලානේ ,මේ මොහොතේ ඕන වෙන්නේ මේ ගොල්ලන්ගේ මතය බිද දාන්නයි .පරම්පරාවෙන් ගෙනා පක්ෂ රැක ගැනීම වෙනුවට මෙදා පාර අපි අපේ රට රැක ගනිමුද ?
සමන්, වැරදි කරන අයට විරුද්ධව ස්වාධීන අධිකරණයෙන් ඔප්පුකළහැකි කරුණු සහිතව පැමිණිලි දාලා නඩු අහලා දඬුවම් දෙන්න පුළුවන්කම තියෙද්දී රතන හිමි මහපාරේ කෑකෝ ගසමින් හා උපවාස කර රටම ගිනි අවුලත් දී හීන්නූලෙන්, ශබ්ද නොකර ඒ ගින්නෙන් බේරෙන්න දන්නෝ දනිති. උපාය දන්නා අය අපායේ නොවැටෙති... කිව්වේ කට කහනවට නොවෙයි. මග හොඳට තිබේ නම්, යන්න පාරත් පෙනේනම්, මහපාරේ කෑ කෝ ගසමින්, කීම? රතන හිමි තැවෙන්නේ.... සියුම් ප්‍රඥාවත් උපාය කෞශල්‍ය ඥානයත්, නැති යමෙක් හිතළු කියමින් මහ පාරේ කෑ කෝ ගසමින්, උපවාසත් කරමින් බුදු පුතෙකු ලෙස පෙනී සිටියට, වෙයිද කිසිවිටක ඔහු එවැනි මහ පුතෙකු...
රතන හාමුදුරුවනේ නැවත පටන් ගනිමු. අපි ඔබවහන්සේ සමගයි.
වැරදි කරලා නැත්නම් ඇමතිකම් බාරගත්තට කමක් නැහැ. එ්ත් ඇයි ඉතින් අපේ ඉන්නවනේ තවම උසාවියේ නඩු තියෙන අපේ සිංහල මැතිඇමැතිවරු.. බැංකු කඩපු අය, සුනාමි සල්ලි ගහපු අය, කමියුනිකේෂන් එකක් කරලා කෝටිපතියෝ වුනු අයත් ඉන්නවා. වැරැද්දක් කළා නම් එයාගේ ජාතිය, ආගම හොයහොයා ඉන්න ඕනේ නැහැ. ඌට ඇමතිකම් නෙවෙයි. හම්බ කරපු හැමදේම රාජ සන්තක කරන්න ඕනේ...
රතන හිමියන්ට මොකවත් වෙන්නේ නැත. උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක්... බෞද්ධ භික්ෂුව තමයි මේ අවුරුදු 2600ත් මේ සිංහල ජාතිය ආරක්ෂා කලේ.. නැතුව රනිල් වැනි ඊයේ, පෙරේදා බුද්ධාගම බදාගත්ත දේශපාලුවෝ නොවෙයි..