පරිසරයට මහා සම්පතක් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසයි. 21 July 2021
ඉදිරි 24 පැයේ කාලගුණය සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2021
නිරෝධායන නීති කැඩූ 207ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2021
දුම්රියේ වයර් කැපූවකු මාට්ටු දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි. 21 July 2021
‘‘දුව මෙහෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසායි‘‘ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පැවසුවාය. 21 July 2021
රිෂාඩ්ගේ නිවසේ දි මියගිය දැරියට සාධාරණයක් ඉල්ලති හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයෝ අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූහ. 20 July 2021
කොතලාවල පනතට කොටුවේ විරෝධතාවක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී අද (20) පැවැත්විණි. 20 July 2021
රත්ගම අයකුට දෙවන වරටත් වෙඩි තබයි රත්ගම මොන්රියාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 20 July 2021
චන්දිමාල්ට දොර වසා නෑ දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර වසා නැතැයි ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි. 20 July 2021
කැස්බෑවේ ඇඟලුම් හලකින් ඩෙල්ටා රෝගීහු පහක් කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 5 කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 20 July 2021
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 20 July 2021
අවමඟුලට ගිය 48කට කොරෝනා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 July 2021
ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. 20 July 2021
ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 20 July 2021
ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් මරුට ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇදඳවැටී බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 July 2021
ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක් පැතිරෙමින් යන නව කොවිඩ් ප්රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත. 20 July 2021
ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවැසීය. 20 July 2021
කුඩා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කළ නව දරුපියා රිමාන්ඩ් වයස අවුරුදු නවයක සහ දහයක පාසල් දරුවන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්වතුර පෙවූ බව කියන දරුවන් නව දෙනකුගේ පියකු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහියංගනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කළේය. 20 July 2021
දුම්රියේ ගැටුනු ටිපර් රිය ත්‍රීරෝද රථ 4ක් කුඩු කරයි ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් , දුම්රියක ගැටීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියකට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ගණේමුල්ල පොලිස් රථවාහන අංශය පවසයි. 20 July 2021
‘‘රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය මිය යෑම ගැන කඩිනමින් පියවර ගන්නවා‘‘ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 July 2021
83 කළු ජූලිය සමරන්න විරෝධතාවක් 83 කළු ජූලියට වසර 38 ක් සපිරීම නිමත්තෙන් එම සිද්ධියට විරෝධය පා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණි. 20 July 2021
පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකටම සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 20 July 2021
කොතලාවල පනතට ජ‘පුර ආචාරවරුන්ගේ විරෝධය කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත් එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සාමාජික සාමාජිකවෝ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරතවූහ. 20 July 2021
“සහල් කිලෝවක මිල රු: 20කින් අඩු කළ හැකියි’’ යළ කන්නයේ අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කට වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද (20) පැවසීය. 20 July 2021
මූලික අයිතිවාසිකම් නඩුවෙන් නාවිකයාට වන්දියක් සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර තමා නාවික හමුදාවෙන් නෙරපීමෙන් නාවික හමුදාවේ නායක විදුලි ශිල්පීයකුගේ මූලික අයිතිවාසිකම් නාවික හමුදාපතිවරයා කඩ කර ඇති බවට තීන්දු කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් එම තැනැත්තාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය. 20 July 2021
සංචාරක ක්ෂේත්රයේ ණය පියවන්න ළඟදීම වැඩපිළිවෙළක් සංචාරක කර්මාන්තයේ නිරතවූවන් ලබාගෙන ඇති ණය පියවීම සම්බන්ධයෙන් තිරසර විසඳුමක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය . 20 July 2021
වෙළෙන්දන් නැති අතරේ ඇඹිලිපිටිය ආර්ථිකයේ කඩ 43කට සීල් ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 43ක් 19දා මධ්‍යම රාත්‍රී 12.00 සිට එහි පරිපාලන බාරය ඉබි යතුරුදමා වසා තැබීම හේතුවෙන්තමන් විශාල අපහසුතාවකට පත්ව සිටින බව ඒවා බදුගත් ව්‍යාපාරිකයෝ පැවසුහ. 20 July 2021
පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දැඩි අවධානය යොමුවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය 20 July 2021
නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි: නැගෙනහිර නාවික විධානය *කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි: කිමිදුම් *ඩබ්.ඩබ්.එන්.පි සඳරුවන් පසුගියදා සමත් වූහ. 20 July 2021
වසර 21කට පෙර අතුරුදහන් වූ සැමියා මුහුණු පොත නිසා සොයාගනී බාරකරුවකු නොමැතිව කදාන ආනියාකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමෙන් නිසා වසර 21 ක් අතුරුදන්ව සිටි සැමියකු ඔහුගේ බිරියට හඳුනා ගැනීමට හැකිවූ බව ආනියාකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 20 July 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026