ගුරුවරුන්ට දැනුම් දීමක් කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් ගුරුවරුන්ට තමා සේවය කරන පාසල පිහිටි කළාප කාර්යාලය දැනුවත්කර එන්නත් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 22 July 2021
එජාපෙන් අලුත් විදියක නායක පුහුණුවක් පශ්චාත් කොරෝනා සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 22 July 2021
පලාබද්දල වනජීවී නිලධාරීන් 4 කට කෙරෝනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර, ශ්‍රී පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ කියයි. 22 July 2021
“මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක්’’ මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් ’’මගුල් පොකුරු’’ ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 July 2021
වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද (22) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ. 22 July 2021
එන්නත් දෙකක් එකවර දීම ගැන විශේෂ පරීක්ෂණයක් පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය . 22 July 2021
මොඩර්නා ගැන බොරු ගොතන අය අල්ලන්න විමර්ශනයක් මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. 22 July 2021
’’සමාජයේ ඩෙල්ටා රෝගීන් කොපමණ සිටිනවා දැයි කියන්න බෑ’’ සමාජයේ කෙතරම් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් සිටින්නේ දැයි කිව නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය . 22 July 2021
‘එන්නත් දෙකම ගැනීමෙන් අවදානමක් නෑ‘ කොරෝනා මාත්‍රා දෙකම එකවර ලබාගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවදානමක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 July 2021
අන්තරේ අරගලයට පාඨලීගේ සහය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විවිධ පාර්ශව ගෙන යන අරගලයට සහය ලබාදීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 July 2021
රනිල් විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා අරඹයි ඉදිරි කාල වකවානුවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමඟ සාකච්ඡා ඇරැඹීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ . 22 July 2021
කොරෝනා කල් තියා හදුනා ගන්නා පරීක්ෂණ කට්ටල ලක්ෂ පහක පරිත්යගයක් කොවිඩ් 19 කල්තියා හදුනා ගැනීම සදහා කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests - RDTs) ලක්ෂ පහක් අද(22) මෙරටට පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී. 22 July 2021
ජාවාරම්කරුවන්ගෙන් කප්පම්ගත් හමුදා සෙබළුන් දෙදෙනා පොලිස් දැලේ හලාවත ඇතුලූ තදාසන්න ප්‍රදේශවල නීතිවිරෝධි ව්‍යාපාර හා විවිධ ජාවාරම්වල නියැලෙන පුද්ගලයින් සොයා ඔවුන් ඉදිරියේ පොලීසියේ අංශභාර ප්‍රධානින් ලෙස පෙනී සිටිමින් මහාපරිමාණයෙන් කප්පම්ගත් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි. 22 July 2021
කොරෝනා ආසාදිත වු සේවකයා බෝඩිමෙන් පැන යයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කොරෝනා ආසාදිත තරුණයකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි. 22 July 2021
යතුරු පැදි අනතුරින් දෙදරු පියා මරුට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී ටිපර් රථයක් කැබ් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගිය බව වරකාපොල පොලිසිය පවසයි. 22 July 2021
සෞඛ්‍ය නීති කැඩූ 189 පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 189 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 July 2021
පළාත් කීපයකට අද දින තද වැසි පළාත් කිහිපයකට අද (22) දිනයේදී තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 July 2021
64 කත කුඩු සමග අල්ලයි බෙම්මුල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත 64 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සහ ලක්ෂ 10 කට ආසන්න මුදලක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 22 July 2021
ඩෙල්ටා සැක තවත් දහ දෙනෙක් හමුවෙති ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 22 July 2021
සයිනෝෆාම් ලක්ෂ 20ක් කටුනායකට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා 20 තවත් ලක්ෂයක් අද අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය . 22 July 2021
කප්පම් ගන්න ගිය හමුදා සෙබළු තුනක් මාට්ටු මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයකුගෙන් 80.000 ක් සහ හලාවත ප්‍රදේශයේ කන්තාවකගෙන් රුපියල් 15000 ක කප්පම් මුදලක් ඉල්ලා සිටී සිටි හමුදා සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 22 July 2021
පිළිස්සී මියගිය දැරියගේ පවුලේ අයගෙන් පැය 10ක ප්‍රකාශ ගනී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් අද (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 July 2021
වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක් ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 21 July 2021
පුත්තලමේ පොළ කොරෝනා රැල්ලකට අතවනයි පුත්තලම නගරයේ පැවැති හජ්ජී පොළ සදහා කොරෝනා නීති පසෙක තබමින් විශාල පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වෙයි. 21 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,566ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 386 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 July 2021
“මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්’’ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 21 July 2021
ආරුගම්බේ සංචාරක කලාපයට සංචාරකයින්ගෙ වැඩි ආකර්ෂණයක් දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ නව සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පැවසීය. 21 July 2021
“විදේශගතවන සිසුන් පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගන්න’’ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රී ලාංකික සිසුන් විදේශ වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගැනීමේදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 21 July 2021
ප්‍රධාන මාර්ගයට නව දුම්රිය ගමන්වාර දෙකක් ප්‍රධාන මාර්ගය සඳහා නව දුම්රිය ගමන් වාර දෙකක් අද (21) සිට ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2021
පේරාදෙණියේ සිව් දරු මවකට මොඩර්නා එන්නත් දෙකම එකට දීලා පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග කියයි. 21 July 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026