ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලට අලුතින් බද්දක් ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 July 2021
‘‘අදියර කීපයක් යටතේ පාසල් විවෘත කරනවා‘‘ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී සති දෙකක් ගිය පසු පාසල් අදියරෙන් අදියර විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් විවෘත කිරීමේදී උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 20 July 2021
සෞඛ්‍ය නීතියට යන බස් වලට සියයට 20ක් වැඩිපුර අය කිරීමට ඉඩ සෞඛ්‍ය නීතිය අනුව ධාවනය කෙරෙන බස් රථ සඳහා සියයට 20ක පමණ මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 July 2021
ඇමැති - ගුරු සංගම් සාකච්ඡා අසාර්ථකයි අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අද (20) උදෑසන පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 20 July 2021
වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට වැඩ වරදී වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසීය . 20 July 2021
මාලදිවයින් ජනපති දින තුනක සංචරයකට දිවයිනට මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණියේය. 20 July 2021
දැදුරුඔය ගොවීහු පොහොර ඉල්ලති පොහොර හිඟය නිසා මේ වන විට තම වගා කටයුතු මුළුමණින්ම අඩපණවි ඇති බව කියමින් පොහොර ඉල්ලා දැදුරුඔය දැලේකොළ එළවළු වගා කරන ගොවීහු අද දහවල් හලාවත නැගෙනහිර මානුවන්ගම දි විරෝධතාවක නිරත වුහ. 20 July 2021
එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරු දෙකක් ඇතුළු හතකට කොරෝනා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු හා හෙදියන් 5 දෙනකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛා සභාපති හා ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි. 20 July 2021
කතරගම නගරයේ කොටසක් ඇතුළු ගම් හතරක් වහයි කතරගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් කතරගම නගරය අයත් දෙටගමුව ,වල්ලිමාතා කන්ද පාර සහ ඩිපෝව පාර අද සිට හුදකලා කළ බව කතරගම සෞඛ්‍ය නිළධාරිනි අයි.එස් දේවණාරයන මහත්මිය සඳහන් කරයි. 20 July 2021
‘‘විශ්වාසභංගයෙන් සැබෑ මුහුණු රටට පෙනෙයි‘‘ තෙල් මිල සම්බන්ධව ප්‍රසිද්ධියේ විවාද කරපු ඇමතිවරුන්ගේ සැබෑ මුහුණුවර රටට පෙන්නන්න විශ්වාසභංග යෝජනාවෙන් හැකියාව ලැබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. 20 July 2021
මන්ත්‍රීවරු හතරක් දැරියගේ මරණය ගැන පරික්ෂණයක් ඉල්ලති සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 20 July 2021
‘සයිනොපාම්‘ ගැන ජපුරෙන් සුබ ආරංචියක් සයිනොපාම් එන්නත ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේම ශරීරයන්හි හොඳින් ප්‍රතිශක්තිය ගොඩ නැංවෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී ඇත . 20 July 2021
ගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා එයාර් ෆ්රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20)පැවසීය 20 July 2021
‘උස්බෙකිස්තාන‘ කතක් මුදලට අලෙවි කළ අයෙක් මාට්ටු ලබා දෙන බව පවසා උස්බෙකිස්තාන ජාතික කාන්තාවක් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 July 2021
’’පාසල් අගෝස්තුවේ විවෘත කරනවා’’ දිවයිනේ පාසල් ලබන මස අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය . 20 July 2021
ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කරයි කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (20) උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 20 July 2021
නිරෝධායන නීති කැඩු 191 ක් පැය 24 කදී අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 191 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 July 2021
අද කාලගුණ තත්ත්වය සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2021
මත්කුඩු සමග කතක් ඇතුළු දෙකක් මාට්ටු රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග කාන්තාවක ඇතුළු දෙදෙනකු කොටුගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 July 2021
විශ්වාසභංගයේ ඡන්දය අද පස්වරුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතය . 20 July 2021
දිවයින පුරා කළ මෙහෙයුමෙන් 3139 අත්අඩංගුවට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 15000ට අධික පිරිසක් යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 3139 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 20 July 2021
ලීටර් 18 ගෑස් සිලින්ඩරයට කැබිනට් අනුමැතිය ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 19 July 2021
නැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජය පවසයි. 19 July 2021
පොලිසියේ හැසිරීම ගැන ඇමැති - මැති මත ගැටුමක බත්තරමුල්ලේ ඉකුත්දා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයන් පොලිසිය මැදිහත්ව නිරෝධනයට යොමුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි.ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ . 19 July 2021
අද ආසාදිතයන් 1,464ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 484 දෙනකු අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
“සරසවි හා උසස් අධ්‍යාපනයට අත තියන්න එපා’’ රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. 19 July 2021
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් මැණික් ගල් තුනක් ලංකා බැංකුවේ තැන්පත් කරයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ලේ සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට රැගෙන යාමට කටයුතු කළේය. 19 July 2021
කොවිඩ් මරණ 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 July 2021
විශ්වාසභංගයට විරුද්ධව සමගි බලවේගයේ දෙන්නකු ඡන්දෙ දෙනවා ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය . 19 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026