සුව සේවක වර්ජනයට වාරණ නියෝගයක් කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක් අද නිකුත් කළේය. 10 February 2022
රනිල් මසකට වරක් ණය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. 10 February 2022
අධිවේගයේ කෙරවලපිටිය හුවමාරුව වැහෙයි අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එම හුවමාරුවේ මුදල් ලබාගැනීමේ කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ග කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය. 10 February 2022
කෝප් - කෝපා සභාපතිවරු පත් වෙති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ නැවතත් පත්වූහ. 10 February 2022
අධිභාරයට එරෙහි උද්ඝෝෂණයට ඇමති නිමල් ගොඩ වෙයි සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කරුවන් අතර කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණියේය. 10 February 2022
වාසු නැකතට ගොයම් කපයි ඇහැලියෙගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාහර හල්දොල ලියැද්ද වෙල්යායේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවලට වී අස්වනු නෙලීමේ මංගල්ලයක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) දී සිදුකෙරිණි. 10 February 2022
තැඹිලිගහේ සිහිසුන් වූ තරුණයා බේරාගන්න මෙහෙයුමක් තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය වී ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය එක්ව බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 10 February 2022
මව්පියන්ගේ මිත්‍යා ඇදහිල්ලෙන් දරුවකුගේ දිවි අහිමි වෙයි කලක් තිස්සේ සෙම රෝගී තත්ත්වයකින් පෙලුනු දස හැවිරිදි දරුවකුට නිසි ප්‍රතිකාර ලබා නොදී යාඥා කරමින් සිටියදී නිවසේදී මරණයට පත්වීමේ සිද්ධියක් පිළිබදව සැකපිට එම දරුවාගේ මව පියා හා මිත්තනිය අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි. 10 February 2022
වෛද්‍ය සාෆිගේ පෙත්සම විභාගයට දින දෙයි තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා ගොනු කර තිබූ පෙත්සම මේ මස 17 දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය . 10 February 2022
හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි. 10 February 2022
නිරෝධායනය අවසන් කළ කතානායක මැතිසබයට කොවිඩ් ආසාදනයවීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දින දහයක පමණ නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඊයේ (10) නැවතත් පැමිණියේය. 10 February 2022
විදුලිසැර යොදා මසුන් මැරූ 9 ක් අත්අඩංගුවට සැර විදුලි ධාරා එල්ල කරමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අද(10) අලුයම අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාය සමත්ව ඇත. 10 February 2022
පළාත් කිපයක විටින් විට වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 February 2022
සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ. 10 February 2022
හඬපටයෙන් කියන කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. 09 February 2022
ඇමැති - සභාපතිට කොළේ වහලා:ලක් සතොස බදු දෙන්න දැන්වීම් දාලා තමන්ද නොදැන තම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාමට පුවත්පත් දැන්වීම් පළ කර ඇතැයි ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. 09 February 2022
කොරෝනා ආසාදිතයෝ අදත් 1000 පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1263 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 February 2022
සුව සේවක වර්ජනයෙන් රත්නපුර හදිසි ඒකකයක් වැහෙයි රත්නපුර ශීක්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක තුනෙන් එකක් වසා එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් ඔවුන් දැඩි සත්කාර ඒකක දෙකකට යොමු කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි. 09 February 2022
‘‘වැඩවර්ජන කරන අය ජනතාව ගැන හිතන්න‘‘ අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.වර්තමාන රජය ලබාගත් ජයග්‍රහණ බොරු ප්‍රචාරවලට රැවවී පාවාදීමට සූදානම් නොවිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 February 2022
කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 February 2022
ලෝක සාම සමුළුව ඇමතීමට හිටපු ජනපති කොරියාවට දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යයි. 09 February 2022
සජබය අත්පත්‍රිකා බෙදයි ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදලට සීයට 25 ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(09) කොළඹ දී පැවැත්වීය. 09 February 2022
වරායේ සිරව තිබූ කන්ටේනර් එළියට වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය. 09 February 2022
ගම්පහ තක්ෂිලාවේ උසස් පෙළ සිසුන් දෙකකට චිත්‍ර දෙවන කොටස දී නෑ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනකු ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට ඇත. 09 February 2022
බදියුදීන්ට-බිරිඳට විදෙස් ගත වෙන්න අවසර මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09) අවසර ලබාදුන්නාය. 09 February 2022
හිජාස් ගෙදර යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණ නියෝගය ප්‍රකාරව ඇප මත මුදාහැරීමට පුත්තලම මහාධිකරණය අද (09) නියෝග කළේය. 09 February 2022
කොවිඩ් ආසාදිතව සිටි 11,538 දෙනකු සුවය ලබයි කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 11,538 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 09 February 2022
මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කටයුතු මඬින්න ජපානයෙන් වාහන සහ උපකරණ මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කර ඇත. 09 February 2022
වාර්තාධිකාරි විනිසුරුවරුන් පත්කිරීම දේශපාලනඥයන්ට පැවරීම වැරදියි අධිකරණ සඳහා වාර්තාධිකාරි විනිසුරුවරුන් පත්කිරීම් දේශපාලඥයන්ට පැවරීම සුදුසු නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය. 09 February 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026