(සුජිත් හේවාජුලිගේ )
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් තුනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පවත්වා ඇත.
ඔහු මෙසේ හමු වූයේ වයඹ උතුරු මැද උතුරු නැගෙනහිර යන පළාත් වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ය.
සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට එහිදී පොරොන්දු වී ඇතැයි වාර්තාවේ.
මෙම සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු හොරුත් එක්ක හමුවීම සාමාන්‍ය දෙයක්...
රටට කෙළ වුණොත් කමක් නැහැ. මන්ත්‍රීන්ගේ ආරක්ෂාව තරකරනවලු...
නාකි මයිනා තවම එල්ලිලා යනවා .හැම මගුලකටම නේද .රනිලා බලාගත්තේ නැත්නම් මුන් ඉවරනේ .ඒකට බයේ තමයි රනිලාට චන්දෙ දුන්නට පස්සේ වෙන්නේ මොකද්ද.මන්ත්‍රීලට උත්තර බඳින්න වේවි
මේ මිනිසාට ජනාදිපති වෙන්න ඇති සුදුසු කම මොකක්ද ? මුලු රටම ප්‍රතික්ෂේප කල එකම අසුනක් වත් ජනතා චන්දයෙන් දිනා නොගත් අයෙකු ජනපති වෙන්නේ කෙසේද. මොහු ගුබ්බෑයමෙ පොහොට්ටුවෙ ජනාදිපති මිස රටේ ජනාදිපති නොවේ. එයයි ඇත්ත
ලැජ්ජා නැතිකම... ජනාධිපතිකමටත් ලොකුයි.