IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්‍රල් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ප්‍රියන්ත ජයලත්)

හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලෙහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස්  නිළධාරින්ගේ රාජකාරියට බාධා කළ යුධ හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට  ගෙන ඇත්තේ  පනාගොඩ යුද හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරත මීරිගම ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි යුධ හමුදා කෝප්‍රල්වරයෙකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා හෝමාගම අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ එහි සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු හා එක්ව ඉන්ධන ටැංකි විවෘත කර පෙන්වන ලෙස එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි පැවසේ.

ඒ වන විට ඉන්ධනහලෙහි ඉන්ධන තොග බෙදා අවසන් කර තිබූ අතර පැමිණ සිටි  ජනතාවද පිටව ගොස් තිබුණි.

එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා එම ස්ථානයට මෙසේ පැමිණ කලහකාරීව හැසිරී පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බාධා කරමින් රැදී සිට  ජනතාවද උසිගන්වමින් හැසිරී ඇතැයි පැවසේ .

පසුව සිද්ධිය සැළවීමත් සමග හෝමාගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය පාලනය කිරීමට උත්සාහ කළ අතර එම අවස්ථාවේදී සැකකරු ස්ථානාධිපති වරයාගේ නිළ ඇදුම අල්ලා කළහකාරීව හැසිරී ඇතැයි පැවසේ .

පසුව එහි සිටි පොලිස් නිලධාරින් වහා ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙදී ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ කෝප්‍රල් වරයෙකු ලෙස පනාගොඩ  යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකු බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි .

මෙම පුද්ගලයා මීට පෙර ද ඉන්ධන පිරවුම් හල අසල ඉන්ධන බලාපොරොත්තුවෙන් රැඳී සිටන ජනතාව කුපිත කොට උණුසුම් තත්වයන් සිදු කිරීමට සම්බන්ධ අයෙකු බවට තොරතුරු අනාවරනය වූ බව පොලිසිය පවසයි .

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



අදහස් (1)

පිරවුම්හලේ පොලිස් රාජකාරියට බාධා කළ කෝප්‍රල් අත්අඩංගුවට

අමා Monday, 18 July 2022 03:21 PM

අනිවාර්යයෙන් හෙල්මටයක් පැළඳ සිටින්න ඇති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site