(නිමල කොඩිතුවක්කු)
අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීමද නව සර්වපාක්ශික ආණ්ඩුව වෙත පැවැරන වැදගත් වගකීමක් වනු ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"අපගේ මාතෘ භූමියට නව නායකත්වයක් තෝරාගැනීම උදෙසා වන තීරණාත්මක කඩඉමකට රටක් ලෙස අප එළඹ ඇත්තෙමු. එය අතිශයින්ම භාරධූර හා වගකීම්සහගත කාර්‍යයක් ලෙස සලකන අප එහිදී අනුගමනය කළ යුතු ප්‍රධානතම මූලධර්මය ලෙස සලකන්නේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය සිදුකරගත යුතුයි.
එහිදී අද එම වගකීම පැවැරී ඇත්තේ අප රටේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව මේ රටේ මහජන නියෝජිතයන් ලෙස සෑම මන්ත්‍රීවරයෙක්ම රටේ ඉදිරි යහ පැවත්ම උදෙසා තමන් වෙත පවත්නා වගකීම තමන්ගේ හෘදය සාක්ෂියට අනුව සබුද්ධිකව ඉටුකරනු ඇතයි අප අපේක්ෂා කරන්නෙමු. එමෙන්ම එහිදී අද මේ රට පත්ව ඇති තීරණාත්මක අර්බුදයට විසදුමක් සපයාගත හැකිවන අකාරයට සම්මුතිවාදී ප්‍රවේශයක පිහිටා කටයුතු කරනු ඇතයි යන්නද අප විශ්වාස කරන්නෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්බුදය විසඳුණාම වෙන්නේ... දූෂණ, හොරකම්, මැරකම් නැති කරලා.., දේශීය නිෂ්පාදන වැඩිකරන එක...විදේශීය මිලදීගැනීම් අඩුකරන එක. සරලව එච්චරයි. කවුරු ආවත් ඒවා නෙමෙයි කතා කරන්නේ... කොහොමද දේශපාලකයෝ රකින්නේ කියලා.., මේ විනාසෙදී.
අපෝ ආයෙත් ආව උපදෙස් දෙන්න. අයි.ඕ.සී. එකට අපේ රට විකුණුවා. දැන්වත් බණක් දහමක් කරගන්න. අර දරුවටත් පිනක් වෙන්න. රටට කරපු ජරා වැඩ ඒ ළමයාටත් බලපෑවා.
ජනතාව 5 වතාවක් රට හදන්න බලය දුන් නමුත් බැරිවී එලවා දැමු රනිල් ලංකාවේ විශාලතම තනි පක්ෂය විනාශකළ මොහු දැන් ජනවරමක් නොමැතිව බලෙන් රට හදන්න ඇවිත්... කරූ මහතාණෙනි, මොහුට කිසිම දෙයක් කනට ගන්නා කෙනෙක් නොවේ. අර වඳුරාට දැලිපිහිය හමුවුණා සේ සියල්ලම විනාශ කොට මොහුත් විනාශ වෙනවා නියතයි...
තුන් පිටකේ කියවන ගමන් සිතට ආපු දේවල් වෙන්න ඇති ?