(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ ඡන්ද 140ක් හෝ ඊට වැඩියෙන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
තමා මීට පෙර පැවසූ අනාවැකි එකක්වත් වැරදී නැති බව කී අබේවර්ධන මහතා "රනිල්" ජනපති වීම සියයට දහසක් "ෂුවර්" බව ද කීය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තමා පොහොට්ටුව ඇතුළු සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් සමග රට අරාජිකත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කර තිබෙන බව කී අබෙිවර්ධන මහතා ජනාධිපතිවරයා තෝරන්නේ රහස් ඡන්දයකින් හෙයින් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට යහපතක් කාලයක් උදාවනු ඇතැයි විශ්වාසය තබා ගත හැකි බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ 225 ම එකමුතුව කටයුතු කළොත් රට අරාජිකත්වයෙන් මුදා ගත හැකි බව ද එජාප සභාපතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ විසින් ද අනුමත කළ ප්රජතාන්ත්රවාදී අරගලය ගිනි දැල් පත්තු වෙන තැනකට ගමන් කළ බවද රටේ මහජන නියෝජිතයන්ගේ නිවාස ගිනි බත් කරන, රාජ්‍ය දේපොළ විනාශ කරන ක්‍රියාදාමය ඉදිරියට ගමන් කළහොත් රට සම්පූර්ණයෙන්ම විනාශයට යන බවද වජිර අබේවර්ධන මහතා කීය.
කිසිවෙක් රට ඉදිරියට ගෙනයන ප්‍රතිපත්ති මාලාවක් පැහැදිලිව ජාතියට ඉදිරිපත් නොකළ අර්බුදකාරී මොහොතක වැඩපිළිවෙලක් පැහැදිලිව ඉදිරිපත් කළ එකම නායකයා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් කොහොමත් හොරු ටික ඔක්කොම රනිල්ට දෙනවා තමයි. තමුසෙත් ඉතින් පට්ට හොරානේ.
මහබැංකු හොරු මතුවෙනව මෙක හොරුන්ටම ගිය රටක හෙම මිනිහම එන්නෙ හොරු අල්ලන්න අද මිනිස්සු පාරෙ පොලිම් වල මැරෙනව බලේ ගත්තහම අවුරුදු 5 තමන් හැදෙන එක තම එකම අරමුන මහජන දේපල සාංගික දේපලක්. වැරදියට පරිහරනය කරොත් විපාක ලැබෙනව.
ඒ කියන්නෙ ඇතුලෙ වහල් වෙලදාම කොහොම නැගල යනවද කියල . . ලජ්ජ නති ගරු කටයුතු කරයෝ. . රට වල පල්ලට ගියත් මඩිය තර කර ගන්න විතරයි. . මුන්ටද අයෙමත් ඔයගොල්ලො චන්දෙ දෙන්න යන්නෙ ඉලග මතිවරන වලදි?
ඔය පොහොට්ටුවේ ඉන්න හොරු කොහොමත් උත්සාහ කරන්නේ රනිල් වගේ කෙනෙක්ව මහපුටුවේ තියාගන්න තමයි.
මෙහෙම බුද්ධිමතෙක් කියන දේ පිළිගන්න වෙනවා. මතකද මෙයා කෝවිඩ් ආපු මුල්ම දවස්වල තමා පැළඳගෙන හිටි මාස්ක් එක ගලවලා තව කෙනෙකුට දැම්මා. එහෙම බුද්ධිමතෙක් නොවැ...
හරියටම ඣන්ද ගණන දන්නවා කියන්නේ ඩීල් එක ජයටම යනවා.
ව්‍යවස්ථාවේ හැම සංශෝධනයකටම රෙද්දක් නැතිව අත උස්සපු මොවුන්ට තමන් විකිණෙන එක ගැන කිසි හිරිකිතයක් නැහැ. දියවන්නාවේ මේ වෙලාවේ ගණිකා වෘත්තියක යෙදෙනවා කට්ටියම. අපිව පාරට බහින්න කළින් පාරට බහින්න නෙමෙයිද ඉතුරු වෙලා තියෙන්නේ...?
140ටම කර්මය පලදෙනවා ඒකාන්තයි. පරිස්සමෙන් හිතන්න.
එන්නකෝ එහෙනම්... දෙන්නම්...!
රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්නකෝ... අපි බලාගන්නම්..
විශාල කැපකිරීමක් කරලා ජනතාව හොරු කණ්ඩායමක් පලවා හැරියා. ඒ හොරු කණ්ඩායමෙන් නැවත නම් දරාපු කෙනෙක්... ජනපති වශයෙන් පත්කර ගන්නේ නම් එය ජනතාව ලබන අන්ත පරාජයකි. හොරාට හොරා කීවෙත් අපි නොවේ ඔවුන්ය. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් හොර කණ්ඩායම් බලය ලබාගන්නේ නම් එරට ජනතාව නිවටයින් බවට පත්වේ...!
ගිලෙන පොහොට්ටුව රනිල් නමැති පිදුරු ගහ බදා ගනී.
දැන් කටතිබුණු පළියට කියවන්න එපා. (1) සජියා වගේ පිස්සෙක්ද, අනුරකුමාර වගේ කෙනෙක්ද, ඩලස් වගේ මැට්ටේක්ද? ඉන්න අයගෙන් බුද්ධිමත් කෙනෙක් ඇරෙන්න කවුද ඉන්නේ? ඒකයි ඇත්ත...
අම්මෝ... මෙයාගේ අනාවැකි තමයි හොඳටම වැඩ කරන්නේ... රනිල් ආවාම පෝලිම් ඔක්කොම පැය 48න් ඉවරයි කිව්වා.. දැන් පෝලිම් හොයන්නත් නැහැ. මේකත් ඒ වගේම තමයි... ජය වේවා..!
හරි හැටි පාර්ලිමේන්තු නියෝජනයක් නැති කෙනා කොහොමද ජනාධිපති වෙන්නේ...? මේවා සක්කිළි වැඩ. ලංකාව හැමදාම වළපල්ලේ අපේ රට ඉවරයි හිතපල්ලා මිනිසුනේ...!
ඔබ කියන විදිහට ලැබුනේ 140 නොව 134 යි.. 6 දීලා නැහැ.. කවුද මේ 6 කියලා සොයන්න...?
මේක කියවනකොට කොතැනින් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. මේ රටේ ඉන්න තණකොළ, පුන්නක්කු කාපු වහල්ලු ප්‍රමාණය දැන් 69 ලක්ෂයට වඩා ගොඩාක්ම අඩුයි කියලා පොහොට්ටුවේ ඉතුරුවෙලා ඉන්න කබ්බන් ටික තේරුම් ගන්නකල් මේ වගේ පම්පෝරි කියවයි. පුරාජේරුවල නම් කිසි අඩුවක් නැහැ. තරුණ කොල්ලනි, රාජපක්ෂ රෙජීමය සහ රනිල් නැති ආණ්ඩුවක් සඳහා සමස්ත ලාංකේය ජනතාවම නුඹලා එක්ක ඉන්නවා. ජයෙන් ජය...!!!