(සුජිත් හේවාජුලිගේ )
ජන අරගලයේ නිරත පිරිස් "ජන අරගලයේ පුරවැසියෝ" නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවෝ පැවසූහ.
ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බවයි.
කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඇතැම් අරගලකරුවන් ජාතික කොඩිය අවභාවිතා කිරිම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන්වලින් ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු මරමස්ථාන කිහිපයක පෞරාණික භාණ්ඩ රැසකට හානිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා තහවුරු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුපාඩුවක් සම්පූර්ණ වුණා.
අන්න හරි... හොඳ වැඩක්.. කකුලෙන් අදින්න බලන් ඉන්න... කොළපාට, නිල්පාට, කුරහන් පාට වහල්ලු එතැන නායකත්වයක් නැහැ කියලනේ උඩ පනින්නේ.. හොඳ තීරණයක්...
මැල්කම් රන්ජිත් , ඔමල්තේ රාජ්‍ය බිඳ වැට්ටීමට පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය දේපොළ හිතා මතා අත්පත් කරගැනීමට ජනතාව පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම මගින් රාජ්‍ය දේපොළ වලට හානි කිරීම මත වහා අත් අඩංගුවට ගන්න .නිතිය සැමට එකසේ වීය යුතුයි.
මේ බහුපක්ෂ ක්‍රමය අපේ රටට තවත් පිළිලයක්... බ්‍රිතාන්‍යය වගේ ද්විපාර්ශ්වික ක්‍රමය තිබුණා නම් හොඳයි. වාමාංශික සහ දක්ෂිණාංශික කියලා කණ්ඩායම් දෙකක් හැදිලා ඒකේ ඇතුලේ තමන් නියෝජනය වුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. මේකෙන් වෙන්නේ කේවල් කරමින් සිටීම පමණි. අනෙක් අතට පක්ෂවල ව්‍යවස්ථා ප්රජාතන්ත්රවාදී විය යුතුයි... රට ප්රජාතන්ත්රවාදී වීමට නම්.
දැන් ඉතින් අපි ඊළඟ ආණ්ඩුවේදී රැට්ටයි, බට්ටයි, චුට්ටයිටත් විශ්‍රාම වැටුප් ගෙවන්න එපැයි...!
ඊළඟ මැතිවරණයේදී බලමු...
පක්ෂයේ නමට වැඩිය හොයලා බලන්න ඕනේ කවුද ඔය පක්ෂයේ ඉන්නේ කියලා සහ ප්‍රතිපත්ති මොනවද කියලා. එයාලගේ දක්ෂකම් මොනවද කියලා...
ජන අරගලයත් එහෙනම් විනාසයි. දැන් පුළුවන් ඩීල්වලට යන්න. නියමයි. අළුත් කණ්ඩායමකට පක්ෂවලින් තොර නව මහජන අරගල ව්‍යාපාරයක් පටන් ගන්න වෙයි..
උපදේශක තනතුරකට ඇමරිකානු තානාපතිනිය සුදුසු යැයි හැඟේ. නීති උපදේශක විය යුත්තේ නම් සාලිය පීරිස්මය. භාණ්ඩාගාරික වශයෙන් දමිතා පත් කර ගත්තොත් නරකද? අරගලය අතරේ කෝටි ගණනක් පිල්ලි ගහ ගත්තු අය නම් ළං කරගන්න එපා. අරගලයේ පාරිශුද්ධ, අවංක, අකලංක බවට ඒක හොඳ නැහැ...!
මවුන්ට රටක් බාරදෙන මැට්ටෝ රටේ ඉන්නවාද? හැබැයි චන්දේ ඉල්ලන එක හොන්දයි ජේවීපී චන්ද ටික කැඩෙනවා.
යස අපූරු 'නිර්පාක්ෂික' අරගලය....