
(යොහාන් භාසුර)
‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ පැවසීය.
බ්‍රහස්පතින්දා සිට කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බව කී කුමාර රාජපක්ෂ මහතා දැනට පෝලිම්වල සිටින ජනතාව ඉවත්විය යුතු බව ද සඳහන් කළේය.
ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 වන වාහන හිමියන් පමණක් ලබන 21 වැනිදා ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ අදහසක්... දිගටම කරගෙන යන්න.
හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න.
බොහොම හොඳයි. සාර්ථක වේවා...!
හොඳ ක්‍රමයක්...!
වැඩේ හොඳයි... කොච්චර දෙනවද බයික්ස් වලට...?
වැඩේ හොඳයි. බයික්වලට කොච්චර දෙනවද?
හොඳ වැඩක්...
නියම ව්‍යාපෘතියක්... ත්‍රිරෝද රථ පෙට්‍රල් මාෆියාවට කිසිම අවස්ථාවක් නැහැ.
හොඳම හොඳ වැඩක්... අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න.
තෙල් හොරුන් නැති කරන්න නම් වැඩේ හොඳයි, කරන වැඩේ හරියට කරන්න..
මූලික ගැටලුව ආණ්ඩුව පිළිබඳ විශ්වාසය නැතිවීමයි. අනවශ්‍ය ලෙස ස්ටොක් කරන්නේ ඒකයි. (නැති වේ යන බිය සහ වැඩිමිලට විකිණීමට ඇති හැකියාව). ඒවා පසුව විසඳමු. 1. QR කෝඩ් එකක් අවශ්‍ය නැත. 2. තෙල් ප්‍රමාණය සීමිත නිසා ලබාදීම සීමා කලයුතුයි. 3. සෑම බෙදා හරින තැනකම වාහනයක අංකය ඇතුල් කළවිට අනුමත තෙල් ප්‍රමාණය පෙන්විය යුතුයි. 4. වෙනවෙනම ලියාපදිංචි කර ගැනීම හුදු මානසික ක්‍රියාවලියකි...!
මේ වැඩෙන් වෙන්නේ බෙදීමත් අවුල්වෙලා කලුකඩේ පෙට්‍රල් ලීටරේ රුපියල් 5000 වෙන එක..
14 ඉඳන් පෝලිමේ. 21ම තෙල් ආවොත් හරි. 21 ආවේ නැත්තම්...? මොකද වෙන්නේ..?
හැම ඉන්ධන හලකින්ම ඉන්ධන දෙනවා නම් ඔය පෝලිම් ඉබේම නැතිවෙයි. මේක නිකන් බොරු වැඩ... ඇප් එක වැඩ කළේ එක දවසයි.
රටේ ඇතිවී ඇති අරබුදකාරි තත්ත්වයට ඉතා හොඳ කටයුත්තක්... ඒ ගැන ස්තුති වන්ත වෙමි.. අපට ඇති ඉන්ධන ප්‍රමාණය දැන ගන්න පුළුවන් කවදා සිටද? ස්තුතියි..!
මේ ක්‍රමය හරියට ක්‍රියාත්මක උනොත් පෝලිම් නෑ, පෙට්‍රල් හොඳ බිස්නස් එකක් වෙලා, පෝලිමේ ඉස්සරහට යන්න ගෙවන්න ඕන, පෙට්‍රල් ගොඩක් වැඩි මිලට, පෝලිමේ ඉඳලා පෙට්‍රල් අරන් හොඳ ආදායමක් ලබන්න. අවංක/අව්‍යාජ පුද්ගලයාට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට දුක් විඳීමට සිද්ධ වෙනව, මෙය නැවැත්විය යුතුයි.