
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත් කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලිත්ව මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා තහනම් නියෝගක් නිකුත් කළේය.
මුලතිව් කුරුදුමලෙයි ආදි ශිව අයියනර් කෝවිලේ පාලක සභාව සහ හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා විසින් ඓතිහාසික කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කොට බෞද්ධ ස්ථානයක් බවට පරිවර්ථනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට අදාල මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.
පුරාවිද්‍යා භූමියේ සිදුවන නව ඉදිකිරීම, නව ප්‍රතිමා හා පිළිම තැන්පත් කිරීම සිදු නොකරන ලෙසත් එවැනි ඉදිරකිරීම් ඉවත්කරන ලෙසත් මෙහිදි නියෝග කෙරිණි
කුරුදුමලෙයි පුරාවිද්‍යා භූමියේ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසත් නියෝග කළ අතර හින්දු ජනතාවට පුරාවිද්‍යා භූමියට ඇතුළු වී ආදි ශිව අයියනාර් කෝවිලේ පූජා පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
හින්දු බැතිමතුන් පූජාව පවත්වන අවස්ථාවේ පොලිස් ආරක්ෂාව සපයා දෙන ලෙසට ද නියෝග කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයේ තවත් ජයක්!
මෙන්න මේවට කමයි කට්ටියම එකතුවෙලා ගෝඨාභය මහතා එලවා ගත්තෙ . තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දකින්න පුලුවන් වෙයි.
කෝ අර නීතිඥ සංගමේ අය. මෙන්න මේවාට තමයි ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ අයිතිය නැති කරන දෙමළ දේශපාලකයන්ගේ වැඩ නවත්තන්න ඕනා. සාමකාමි ශ්‍රී ලංකාවක් තියෙන්න ඕනා නම්
බොහොම හොඳයි .එහෙම තමයි වෙන්න ඕනේ..ලංකාවේ භූ බෞද්ධ සිද්ධස්ථානවලින් 90% කට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙනවා .ඕනෑම ආගමක ජාතියක කෙනෙකුට පන්සලට ඇතුළු වෙලා ඒවා වන්දනා මාන කරන්න පුළුවන් .සමහරවිට මට ජාජාතිවාදියා කියලා කියයි..ඒත් අරගල බිමේ හිටිය බහුතරයකට ඕනෙ වුනේ මේක තමයි
සැප කණේ... තව හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි ඉස්සරහට...
පෙරහැර එන බව, කසකාරයෝ හඟවති.
මුලතිව්, කුරුඳුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් නේද එපා කියන්නේ..? පුරාවිද්‍යා ස්ථානයක් ලෙස මෙතන ආරක්ෂා කර ගත්තාම නරකද?
අරගලය නමින් ජාතියක් බිහි කරන්න හදන අවිනීත, අසීලාචාර, ඉතිහාසයක් නොදන්න.. සද්ධර්මය ගැන වෛරයෙන් සිටින නිරයගාමී එක්තරා කොටසකට මෙවැනි දේ සතුටට කාරණයක් වුවද රට ක්‍රමයෙන් ආක්‍රමණයට නතුවන වග දන්නා මොළේ කඳුලක් තියෙන කෙනෙකුට මෙවැනි දේ කනේ පහරක් වගේ...!
පුරාවිද්‍යා සාධක නැතිව දුන් සිංදුවක්..! ලංකාව සිංහල, බෞද්ධ රටක් බව නොපිළිගැනීම ප්‍රශ්නයක්...! සාමාන්‍ය දෙමළ ජනයා මේ මතයේ නැත...!
ඩයස්පෝරා මුදලට නීතිය නමාගත් ආකාරය. සාලිය පීරිස්ලගේ ජයග්‍රහණ... දැන් කළයුත්තේ ශැන්ග්‍රිල්ලා වටකර ඉහළ මහලේ සිටින ඩයස්පෝරා කුමන්ත්රණකරුවන් අල්ලා ගැනීමයි.
පුරාවිද්‍යා බිම නව ඉදිකිරීම් කරන තැනක් නොවේ.පරණ විදියට තියන්න ඕන. හාමුදුරුවරු ඉන්න තැන සිමෙන්ති අනන්නේ නැති දවසක් නෑ කියනවනේ.
අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන මොනතරම් හැදුවත් ඒවාට යන අය හරි අඩුයිනේ... පන්සලේ අනවශ්‍ය ඉදිකිරීම් නොකර හාමුදුරුවරුන්ට වැඩ සිටින්න අවශ්‍ය පහසුකම් ගොඩනගලා හාමුදුරුවරු ගෙයින් ගෙට වැඩලා ධර්මය කියා දුන්නා නම් මේරට මීට වඩා හොඳ තැනක තියේවි.. බුදු දහමට අනුව ජීවත් වෙන බුදුදහමින් ජීවිතයට ප්‍රයෝජන ගන්න අය අඩු වුණාට බුද්ධාගම රැකගන්න මාරම උනන්දුවක් අපේ මිනිස්සුන්ට තියෙන්නේ... තමන්ට ප්‍රයෝජනයක් නොගෙන කවුරු වෙනුවෙන් බුදුදහම රැක ගන්නවාද? රටේ මිනිස්සු බඩගින්නේ ඉඳිද්දී පන්සල්, අනවශ්‍ය ඉදිකිරීම් හදලා වැඩක් තියේද? නියම බුදුදහම කියන්නේ බුදුදහම පිළිපැදීම මිසක් පිළිම වන්දනාවවත්, ගස් වලට වැඳීමවත් නෙවෙයි. ඒත් අපේ මිනිස්සු කවි කිය කියා බෝගහට වඳිනවා..
ජයවේවා... කෝ අරගල කට්ටිය? ගියා නම් නේද හොඳ?
කුරුන්දුමලෙයි විහාරයේ ඉදිකිරීම් කීපයක් සම්බන්ධ කරගෙන අසත්‍ය ප්‍රචාර යවමින්, ආගම්වාදය යලි ඇවිලවීම සඳහා ජනබලය හමුවේ පරාජිත දේශපාලකයින් දරණ උත්සාහය සම්බන්ධයෙනි. අසමත් පාලක ගෝඨාභයගේ ඉවත් වීමද මීට සම්බන්ධ කිරීමට ඔවුන් උත්සාහ දරා ඇත. ඒ තීන්දුව අනුව සාරාංශය නම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ඒවාට හානිකර ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් ය. මීට අදාල වාර්තාව පොලීසිය විසින් ගොනු කර ඇත්තේ 2022.06.16 වන දිනයි. එනම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙසත්, රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් කටයුතු කරන කාලයකදීය. ඕනෑම පුරාවිද්‍යාත්මක ස්ථානයක් රටක ජනතාව සතු සම්පතක් වන අතර ඒ ආශ්රිත නව ඉදිකිරීම් කිරීමේදී අනිවාර්යයෙන්ම අදාල අවසරයන් ලබාගත යුතුයි. ආගමික වටිනාකමක් නොමැති පෞරාණික ගොඩනැගිලි වලට පවා එය එසේම ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙය පවතින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ තවත් එක් අවස්ථාවක් වන අතර ඒ සම්බන්ධයෙන් අපගේ ගෞරවය පුද කර සිටින්නෙමු...
ඝෝඨාභය ගිහිල්ලා සුමාන දෙකක්වත් නැහැ. දැන් ලංකාව අපේ රටක් නොවෙයිද? නැවත රට දෙමළුන්ට හම්බයින්ට ගියාද?
එහෙම කරන්න දෙන්න බැ මෙික සිංහල බෞද්ධ රට
ජනාධිපති මන්දීරයට පනින්න ජෙප්පෝ ඕනෑතරම් හිටියා බෞද්ද සිද්දස්තානය බේරා ගන්න එකක් නැත. හිතා ගනිල්ලා ජෙප්පෝ බලයට ආවොත් රටට වෙන දේ?
කෙලෙහි ගුණයක් නැති සිංහලුන්ට මෙහෙම වෙලා මදි. තව අරගල කරපල්ලා. ඉස්සරහට නියම සෙල්ලම් බලන්න පුළුවන්...!