
(චාපා මධුභාෂිණී)
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයන්ට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිදු කරන බව පොලනොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.
පොලොන්රුව සහ මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබීමත් සමග රෝහල් රැසක සේවක කාර්යය මණ්ඩලයට ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවූ බවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ රෝහල්හි හදිසි ප්‍රතිකාර පමණක් ක්‍රියාත්මක වන බව කුමාරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පොලොන්නරුව මහ රෝහල, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, වැලිකන්ද යන මූලික රෝහල් තුන සහ ප්‍රාදේශීය රෝහල්වලින් ගල්අමුණ, පුලස්තිගම, මනම්පිටිය, ජයන්තිපුර ආදී රෝහල්හි කාර්යය මණ්ඩලය සිය ඉන්ධන අවශ්‍යතාවයන් සපුරාගැනීමත් සමග 18 වන දින ඒම රෝහල්හි වැඩ කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යන බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව සිය ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වූ බකමූණ, අත්නකඩවල, අරලගංවිල, සිරිපුර ආදී රෝහල්හි හදිසි අවශ්‍යතාවයන් පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බවද දැන ගැනීමට හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තෙල් බෙහෙත් කාරයින්ද?