(ඩයනා උදයංගනී)
පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් කියා සිටිති.
ජනතා අපේක්ෂා ඉටුකිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කරති.
සියලු විධායක බලතල සහිත ජනාධිපතිවරයකුටත් බලය අතහැරයෑමට සිදුවූ, දුර්ලභ අවස්ථාවක, මව්බිමේ හෙට දවස වෙනුවෙන් ගතයුතු එම අතිශය තීරණාත්මක තීන්දුව තම අපේක්ෂාවන් අනුව සිදුවෙතැයි රටේ දෙකෝටියකට වැඩි ජනතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙස බලා සිටින මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රැස්වී ජනතා මතයට පටහැනි තීරණයක් ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් පවතින බව කොළඹ අගරදගුරුතුමන් සිය ලිපියෙහි සඳහන් කර ඇත.
විධායක බලය අතේ තිබියදීත් බලයත් රටත් අතහැරයෑමට සිදුවූ හිටපු ජනාධිපතිවරයා මුහුණදුන් අත්දැකීම හා අපකීර්තියත් දෙස බලන විට බලයට ගිජුකමක් ඇතිවේ දැයි යන්න ගැටලුවක් බව සඳහන් කරන අගරදගුරුතුමන් කෙටි කාලයකට ලැබෙන දේශපාලන බලයට වඩා සිය ආත්ම ගෞරවයත් මව් රටේ ජනතා අභිප්‍රායත් වැදගත් නැද්දැයි මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැල්කම් රන්ජිත් , ඔමල්තේ රාජ්‍ය බිඳ වැට්ටීමට පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය දේපොළ හිතා මතා අත්පත් කරගැනීමට ජනතාව පෙළඹවීම අනුබල හා කුමන්ත්‍රණය කිරීම මගින් රාජ්‍ය දේපොළ වලට හානි කිරීම මත වහා අත් අඩංගුවට ගන්න .නිතිය සැමට එකසේ වීය යුතුයි.
මේ ඉන්න අයට කියලා වැඩක් නැහැ කාදිනල් තුමා.. පොහොට්ටුවේ හොරු ටික රනිල්ට තමයි ඡන්දෙ දෙන්නේ...
ජූලි 9 වැනිදා ලේ වැගිරීමක් සිදු නොවූයේ හාස්කමකින් නොව ආරක්ෂක අංශවලට අවම බලය පාවිච්චි කරන ලෙස පාලකයින් තරයේ උපදෙස් දී තිබුණු නිසාවෙනි. අරගලය වෙනුවෙන් එදින රැස් වූ පිරිස පාලනය කරගැනීමට අරගලයටම නොහැකි වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදීව හැසුරුණද අරගලයේ හැසිරීම ආදර්ශවත්ව සිදු නොවිණි. අරගලය සමග සිටි පිරිසේ ප්‍රමාණය මුළු රටේ ජනතාවම නියෝජනය නොකෙරූ බව අවධාරණය කොටගත යුතුයි. එම පැමිණි පිරිසට වඩා ප්‍රමාණයක් එදිනම ඊට විරුද්ධව පැමිණියා නම් ඇතිවන තත්වය තේරුම් ගත යුතුව තිබිණි. කිහිප දෙනෙක් කරන අකටයුතුකම් නිසාවෙන් මුළු පාර්ලිමේන්තුවටම හොඳ නරක කියාදීමට උත්සාහ කිරීම නිවැරදිද?
මේ ව්‍යවසනය ඇතිකලේ බලයට, තනතුරු වලට ගිජු නිසා ජනතාව ඇන්දූ ආගමික නායකයින් නේද? රට ගොඩ දාන්න නිසි සැලැස්මක් ඇති අපේක්ෂකයෙක් මෙතන ඉන්නවද? පාස්කු වගේ පුහු ඇන්දිලි අනවශ්‍ය බව තේරුම් ගන්න. ආගම සහ දේශපාලනය යනු දෙකක්...
මේ අය සුපුරුදු රිද්මයට යනවා එක අනිවාර්යයි... හොද වැදගත් මිනිස්සු නම් මේ පාර්ලිමේන්තු වේ සියලු දෙනාම ගෙදර යන්න ඕන දුප්පත් අහිංසක මිනිස්සු කියන දේවලට ඇහුම් කන් දෙනවා නම්... හොදටම තේරෙනවා මෙ රට වැටි ඇති තත්වය අනුව උත්සාහයෙන්, අවංක, එඩිතරව, පළපුරුද්දෙන් වැඩ කරන නායකත්වයක් රට බාර ගත හොත් උදා. Sir.සරත් ෆොන්සේකා රටට අනාගතයක් ඉක්මනින් උදා කරගත හැකි බව ඕනෑම කෙනෙකුට ලොකු,කුඩා, උගත්, නුගත් කාගේත් විශ්වසනිත්වයයි ඒම දෙය ඉටු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන් අපි සහයෝගය ඉතාමත් විමසිල්ලෙන් බලා සිටින බව හා ගරු කාර්දිනල් ස්වාමින් වහන්සේ ගේ මේ ලිපිය ඉතා අගය කරමින් මේ වගේම අපි හැම දෙනාම වචනයෙන්, ක්‍රියාවෙන්, සිතිවිල්ලෙන් දායක විය යුතුයි මගෙ රට වෙනුවෙන් මා හැගීම් බරව ප්‍රකාශ කරමි.
දේශපාලනයෙන් ඈත්වී සිටින්න.