(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමුවීමත් ණය පැහැර හැරීම පිළිබඳව ඇමෙරිකාවේ ගොනුකර ඇති නඩුවෙන් බරපතල තීන්දු ලැබිය හැකිවීමත් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ‘කෝප්’ කමිටුවේ සභපාති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාට ලිපියක් යොමු කර තිබේ.
ණය පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා රජයේ ආදායම් මෙරටට ලැබීමට පෙර ඝණිකෘත කොට තහනමට ගැනීම ඇතුළු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් රටක් ණය ගෙවීම පැහැර හැරීම භයානක ප්‍රතිඵල ගෙන දෙන බවත් ‘‘වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ‘‘ යොමු කළ එම ලිපියේ සඳහන්ව තිබේ.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතාගේ අස්සනින් යුත් එම ලිපියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුව තිබියදී මහා බැංකු අධිපතිවරයා මුදල් ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා නොසළකා කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය නන්දලාල් වීරසිංහ යනු රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව හසල දැනුමක් සහ බුද්ධියක් ඇති කෙනෙක්. අපේ අතේ ඇති සොච්චමෙන් ණය වාරික ගෙව්වොත් අපේ ජනජීවිතය තවත් බරපතල ලෙස කඩා වැටෙයි. ඒ නිසා එතුමා යෝජනා කරන විදිහට වැඩ කරමු...
ඔය මහබැංකු අධිපති කියන පුද්ගලයා අද ඊයේ මහ බැංකුවට මුලින්ම පත්වීමක් ලැබූ නිලධාරියෙක් නෙමෙයි. මොහුගේ පැටිකිරිය අවුරුදු බරගානක් පස්සට දිවෙනවා. එම අතීත ක්‍රියාවන් පිළිබඳවත් විභාගයක් කළ යුතුයි. කොටස් වෙළඳපොලේ ඊ.ටී.එෆ් අරමුදල් ආයෝජනය කිරීමට ගත්තු තීරණය මහ බැංකු වංචාව නවත්වා නොගැනීම වගේ දේවල්...
ඔය කොප් කමිටුවට විරුදද්ව පැමිනිල්ලක් ඩානවනම් කොහෙටඩ එක ඩාන්න ඔන?
හරියටම හරි කතාව මෙයා අසමත් අමාරුවෙන් හරි ණය වාරිකය ගෙවමින්IMF යා හැකිව තිබ්බා එහෙම කලා නම් මෙයට වඩා විශාල පිලිගැනීමක් තිබෙනවා මෙයා open account ක්‍රමය තහනම් කලා තහනම් කල හැකියි ඔන බුරුවෙකුට එය නියාමනය යයි කල යුතුව තිබුණෙ විශාල භාණ්ඩ හිගයක් ව්‍යාපාර කඩා වැටිමට හෙතුවනවා.මෙයයිට වඩා සුදුස්සෙක් මෙම රටෙ නැත්ද .