(මනෝප්‍රිය ගුණසේකර)

අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කළ වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යානු කූල අදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගැනීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද (18) නියම කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස නියම කළේය.

2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් විත්තිකරු විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටිියේය.