රට යවන්න ගිය පරණ යකඩ තොගයක් රේගුවෙන් අල්ලයි
නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩංගු බහාළුම් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.