කෝටි දෙකක රන් ආභරණ රේගුවෙන් අල්ලයි
රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .