IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිදහස් දින උළෙලේ වියදම කෝටි 20ක්

(ඩයනා උදයංගනී)

මෙවර නිදහස් සැමරුම් උළෙලේ වියදම රුපියල් කෝටි 20ක් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා පැවසීය.

ඒ සඳහා  රුපියල් කෝටි 57කට වැඩි ඇස්තමේන්තුවක් ලැබුණු බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව විටින් විට සාකච්ඡා කර එය කෝටි 20ක් දක්වා අඩුකරගෙන ඇති අතර තවත් අඩුකරන්නට උත්සාහ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම නිදහස් දින පෙලපාලිය කොල්ලුපිටිය හන්දිය අසලින් ආරම්භ වන අතර, කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා මග දෙපස රැඳී සිටිමින් එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බවත්, නිදහස් උළෙලේදී මෙවර ද සිංහල හා දෙමළ බසින් ජාතික ගීය ගායනා කෙරෙන බවත් ඔහු පැවසීය.



අදහස් (5)

නිදහස් දින උළෙලේ වියදම කෝටි 20ක්

මහසෙන් Thursday, 12 January 2023 04:32 PM

මදි වගේ නේද? සමරන එක සමරන්න ඕනෑ දැනෙන්න...

:       0       0

Vira Thursday, 12 January 2023 04:44 PM

ළෝකෙටම නය වෙලා අබිමානවත් නිදහසක් සමරමු. ඇත්තටම අපි නිඩහස් වෙන්න ඔන මෙ හොර දේශපාලකයන්ගෙන්. මුන් තමයි 1948 ඉදන් අපිව යට කරගෙන ඉන්නෙ.

:       0       0

සඳුන් Thursday, 12 January 2023 05:18 PM

අභිමානවත් රටක් 74 වසරක සිට තට්ටු මාරු ක්‍රමයට හොරාකමින් බංකොළොත් කොට එසේ කළ හොරකල්ලි විසින්ම ජනතාවගේම බදු මුදලින් හතරවටේ ආරක්ෂාව තරකොට සමරන ඔවුන්ගේම නිදහස් සැමරුම...

:       0       1

ranjith Thursday, 12 January 2023 06:58 PM

රටේ දරුවෝ මන්දපෝෂණයේ එම දරුවන්ට ඔය කෝටි 20 වියදම් කරන්න තරම් හදවතක් නැතිද?

:       1       13

ලුම්බිණි Friday, 13 January 2023 04:28 AM

දැන්වත් බොරු වැඩ නවත්වන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site