IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උපයෝගිතා කොමිසමේ සභාපති වාහනයේ කුලියට අමතරව තවත් සල්ලි වෙනත් අයකුට ගෙවලා

(මුදිතා දයානන්ද) 

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන තිබෙන්නේ 2021 දෙසැම්බර් 07 වැනිදා සිට බවද 2022 මැයි 31 දක්වා ඒ වෙනුවෙන් 21, 87, 475ක් ගෙවීමට වවුචරයක් නිකුත් කර තිබු බවද එසේ තිබියදි බැංකු ගිණුමෙන් 30,61,165 ක් ගෙවා තිබුණ බවද එම වාර්තාවේ සඳහන් වේ. 

මෙම වාහනය 2021 දෙසැම්බර් 07 සිට 2022 ජනවාරි 25 දක්වා වෙනත් ආයතනයක් සතුව තිබුණක් බවද පසුව කොමිසම ගිවිසුම්ගත සමාගම වෙත පවරා ඇති බවද එසේ වුවද කොමසම කුලි මුදල් වාහනය අයිති සමාගම වෙත නොගෙවා වාහන අයිතිය තහවුරු කර නොගත් වෙනම පුද්ගලයෙකුට ගෙවා ඇති බවද එහි සඳහන් වේ.

එසේම රාජ්‍ය ආයතන වල මෙවැනි ගෙවීම් නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ඔහුගේ ගිණුමට පමණක් ලෙස රේඛනය කරන ලද චෙක්පත් මගින් සිදුකළ යුතු බවද එසේ තිබියදි මෙම පුද්ගලයාට මුදල් මගින් ගෙවීම් කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ. 

එසේම ඒ වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් පත්‍රයේ සේවා සැපයුම්කරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඉල්ලුම්කරුගේ අත්සන, වාහන කුලී ගෙවිය යුතු කාල පරිච්ඡේදය, හා ගාස්තුව සඳහන් කර නොතිබුණ බවද එය කොමිෂන් සභාවේ පරිඝනක ඇසුරෙන් සකසා තිබු බව නිරීක්ෂනය වූ බවද එහි මුදල් චෙක්පතක් රේඛනය නොකර ගෙවන ලෙස දක්වා තිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

මෙම ආයතනයෙන්ම ඉහත අංක දරණ වාහනයම ලබාගැනීම සඳහා කොමිසම 2022  ජුනි 08 දින 2022 ජනවාරි ලැබු ලංසුවක් අනුව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් එම ගිවිසුම අනුව කොන්ත්‍රාත්කරුගේ ආයතනයේ ලියාපදිංචි අංකයක් නොතිබුණ බවද , අධ්‍යක්ෂකවරයෙක් ලෙස අත්සනක් යොදා තිබුණද ඔහුගේ නමක් හැඳාුනුම්පත් අංකයක් සඳහන් නොවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ බව සඳහන් වන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවකය.



අදහස් (3)

උපයෝගිතා කොමිසමේ සභාපති වාහනයේ කුලියට අමතරව තවත් සල්ලි වෙනත් අයකුට ගෙවලා

විදුලිජනක Thursday, 12 January 2023 07:17 PM

හෙට ප්‍රධාන පුවත: විදුලිබිල වැඩිකිරීම කාලීන ජාතික අවශ්‍යතාවයක් බව ඊයේ මට වැටහී ගියා. ඒ නිසා අනුමැතිය දෙමි... මහජන උපයෝගිතා කොමිසමේ සභාපති...

:       2       28

gunarathnaFriday, 13 January 2023 07:58 AM

හරියටම හරි.තව ඉදිරියටත් මේ වගේ දේවල් බලාපොරොත්තු විය හැකිය

:       0       2

මෝ Friday, 13 January 2023 12:04 AM

බලන බලන එකා හොරෙක් නෙවැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site