IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්‍රදානය කළ බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම බිත්තර ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ ගැටලුවත් මතු නොවන බවත් සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර නොලැබුණ හොත් ආනයනය සඳහා කළ යුතු ඊළඟ පියවරට යන බව කී අමාත්‍යවරයා මුදල්, වෙළෙඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරු බිත්තර ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද කර බව ද සඳහන් කළේය.



අදහස් (7)

බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට

කිරිපුතා Thursday, 12 January 2023 07:30 PM

ආනයනයට උඩ පැනගෙන වැඩ වගේ... කොමිස් කුට්ටිය හීනෙනුත් පේනවා ඇති. රටකට අවශ්‍ය බිත්තර ටිකවත් නිෂ්පාදනය කරගන්න සැලැස්මක් නැති මිනිසුන් රටක් ගොඩනගයිද? බිත්තර නොකා මාස කීපයක් හිටියා කියලා මැරෙන්නේ නෑනේ කවුරුත්...!

:       19       21

sugathThursday, 12 January 2023 09:21 PM

දේශීය නිෂ්පාදකයා පාරිභෝගිකයා සූරා කන්නට මාන බලන්නේ නැතිනම් බිත්තර ආනයනය අවශ්‍ය නැහැ. ලංකාවේ දේශීය නිෂ්පාදකයා කඩා වැටෙන්නේ තමන්ගේම ඇති මුදල් කෑදරකම නිසයි...

:       0       3

BamunuarachchiFriday, 13 January 2023 08:04 AM

ඔයටික කියනවා බිත්තර ඉල්ලන ජනතාවට. ජනතාව ඔවැනි පරිත්‍යාගයක් 1977 කළා නම් රට මේ අඝාදයේ වැටෙන්නේ නැත. කෙලව ගත්තේ ඇට අටක් කන්න ගිහිල්ලා.

:       8       4

Gomez Thursday, 12 January 2023 08:11 PM

ඉන්දියාවේ කුරුළු උණ නැද්ද දැන්...?

:       0       0

අතුල සෞදි Thursday, 12 January 2023 09:23 PM

මොකක්ද යකෝ ඒ කැකිල්ලේ තීරණේ? සියලු වාර්තා සහ දත්ත ගන්න විමර්ශණ කරන්න කලින් ටෙන්ඩරය ප්‍රදානය කරේ. අනේ වඳින්නම් පුළුවන් නම් දේශීය බිත්තර නිෂ්පාදකයන්ට ඔය සහනය දීලා ඒ මත යැපෙන පවුල් ලක්ෂ හය, හත ජීවත් කරන්න.

:       3       0

Perera Thursday, 12 January 2023 10:33 PM

කුකුල් මසුත් ගෙන්නන්න වෙයි .කුකුළු ගොවිපලවල් වයිරසයක් නිසා විනාශ වුවහොත් ලංකාවේ ඉස්සන් හා සම්බන්ධ ගොවිපලවල් සම්පූර්ණයෙන් විනාශ වුනා ඔවැනි වයිරස් රෝගයක් නිසා

:       1       3

ganegoda Friday, 13 January 2023 02:53 PM

ඇන්ටි බයොටික් ගිල්ලපු කිකිළියන්ගේ බිත්තර ආහාරයට නුසුදුසු සහ අවදානම් බව කරුණාවෙන් සලකන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site