(ෂේන් සෙනෙවිරත්න)
කුරුණෑගල පොතුහැර ප්‍රෙද්ශයේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අද (12) ප්‍රකාශයක් ලබාගෙන තිබේ .
මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්ද්රවයන් වහන්සේලා දෙනම සහ දියවඩන නිලමේවරයා විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අදාල ව්යාඊජ දළදා මාලිගාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කළ ඉල්ලීම පදනම් කරගනිමින් එම ප්රබකාශය දියවඩන නිළමේවරයාගෙන් ලබාගෙන තිබේ .
කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දියවඩන නිළමේවරයාගෙන් ප්ර්කාශයක් සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකුගෙන් ප්රවකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසේ .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දියවඩන නිලමේවරයා ගෙන් ප්ර කාශයක් ලබා ගත් බව දියවඩන නිළමේවරයා ගෙන් කළ විමසීමකදී තහවුරු කළේය .
එම ව්යා ජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ව්යාතජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්රීජ සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් , අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් සහ දියවඩන නිළමේ ප්රේදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දින දී ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබුණි .
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා මාලිගාවේ දියවඩන නිලමේගෙන් සී.අයි.ඩී ය ප්‍රකාශයක් ගනී
Senevi Thursday, 12 January 2023 06:58 PM
ඇත් පන්තියේ ඉඳලා අන්තර්ධාන වුණා කියලා සමහරු කියන ඇත් පැටව් ගැන ඇහුවේ නැද්ද?
කිරිපුතා Thursday, 12 January 2023 07:33 PM
පුළුල් පරීක්ෂණයක් කරන එක නම් හොඳයි. මේවා මේ සාමාන්‍ය දේවල් නෙවෙයි. NGO බළල් අත්... ඕවායටින් ඩොලර් කුට්ටි කුට්ටි තියලා ඇති. ඒවාට වහ වැටිච්චි මිනිසුන් රටේ දේවල් විනාශ කරන්නේ අමුතු රටා මවමවා...
කැලුම් Thursday, 12 January 2023 11:34 PM
අනේ ඔය මොන සාක්ෂි ගත්තත්, වැඩක් නැහැ ඔය කාට කාටත් ස්වභාවධර්මයට පිටුපාන්න බැහැ යම් කිසි තැනක වරදක් වෙලා ඇති නම්, තමුණ්ගෙ ක්‍රියාව හරියට සිදු නොවේ නම්, බෞද්ධ දරිශණය අනුව ගැලවීමක් නම් නැහැ. දළදා මාලිගාව සත ඉඩකඩම් ආරක්ෂා කලේ නැත්තම් ඒවාත් අනුගමනය නොකල වරදට කොහේ යයිද, අහෝ කරුමයක අරුම.
ලුම්බිණි Friday, 13 January 2023 04:26 AM
දිය වඩන නිලමේගෙන් ඇසිය යුත්තේ ව්‍යාජ දළදා මාලිගාව ගැන නොව ඇත්ත දළදා මාලිගාවේ වෙන දේවල් ගැනයි...
සෙනෙවිරත්න Friday, 13 January 2023 05:55 AM
මේ සේරම සල්ලි හොයන ව්‍යාපාර මිස සැබෑ බෞද්ධ දර්ශනය නොවේ. දියවඩන නිළමෙ යනු මුදල් ගලන තනතුරකි. එතැන කොහොමද බෞද්ධකම තියෙන්නෙ ?