කාළගුණයේ අද තත්ත්වය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 July 2023
රෝගීන් ගැන නොසැලකිල්ලට නිදහසට කරුණු එපා සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්‍රකාශ කරමින් නොසිට රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය බලධාරීන් හමුවේ පැවසීය. 08 July 2023
ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසලක් ගන්න රුවන් අත ගහයි පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව තිබේ. 08 July 2023
මෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවෙක් ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සමඟ නැවත වරක් ශ්‍රී ලංකාවට විශාලතම සංචාරක ප්‍රභවයක් වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය දෙනෙකුගෙන් එක් අයෙක් ඉන්දියානුවෙක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා අද (7) පැවසීය. 07 July 2023
ත්‍රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා පානදුර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම්වරයා බව කියන ත්‍රිරොද රථ රියැදුරකු රථවාහන රාජකාරියේ යෙදි සිටි පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම ඉරා පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි. 07 July 2023
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලොකු සහනයක් දෙයි ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන මූල්‍ය පීඩනය අවම කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක එම්.සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇතැයි මින්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 07 July 2023
‘සූර්යා සදහම් සැරිසර’ කුරුණෑගලදී සාර්ථකව අවසන් වෙයි ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ සහ ලංකාදීප ඔන්ලයින් එක්ව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ තවත් පියවරක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා පැවැත්විණි. 07 July 2023
ත්‍රිපෝෂ නිෂ්පාදනය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ කර්මාන්තශාලාවේ සේවකයන් මෙන්ම යන්ත්රසූත්ර අද (7) දිනය වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු නියමිත ප්‍රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ බාධක මධ්‍යයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය ක්‍රියාත්මක කළ බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 July 2023
හිටපු පොලිස්පති යළි පුටුවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි 07 July 2023
කුරුල්ලන් මිලදී ගැනීමේදී සතුන් වත්තට කෝටි 2ක පාඩුවක් දෙහිවල සත්වෝද්‍යානයට පක්ෂීන් වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය යොමුවිය. 07 July 2023
‘‘මිල වැඩි කිරීම ලොතරැයි අලෙවියට බාධාවක් නෑ‘‘ ලොතරැයි පතක මිල රුපියල් හතලිය දක්වා වැඩි කළ ඊයේ (6) දින ලොතරැයි අලෙවිය ඉතා සාර්ථක බව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි. 07 July 2023
ශ්‍රී ලංකාව පිට පිටම 7 වැනි ජය ලබයි සිම්බාබ්වේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග හතම ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට පිවිසීමට අද (7) සමත් විය. 07 July 2023
රේගු බහලුම් පරීක්ෂණ අංගනවල තදබදයක් ශ්‍රී ලංකා රේගු බහලුම් පරීක්ක්ෂණ අංගන තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය සතියේ පැවැති දින පහක දීර්ඝ නිවාඩුව එයට හේතු වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සුදත් සිල්වා මහතා අද (7) පැවසීය. 07 July 2023
දශකයක් ඇතුලත සංචාරක කර්මාන්තයෙන් ඩොලර් වැස්සක් ඉදිරි දශකය ඇතුලත රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 July 2023
විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබේ. 07 July 2023
ශෂී වීරවංශ නඩුවකින් විත්තියේ නිතීඥයා ඉවත් වෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. 07 July 2023
ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 48.1 කදී ලකුණු 243 කට සීමාවිය. 07 July 2023
මහ බැංකු පනත විවාදය ලබන 20 ශ්‍රි ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය. 07 July 2023
ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත. යාචකයන් ලෙස කටයුතු කරන්නේ දුගීභාවයෙන් මහත් පීඩාවට පත් ආර්ථික අපහසුතා වලින් යුත් පුද්ගලයන්ය. 07 July 2023
මන්ත්‍රී පුතාගේ මාලය කොල්ල කෑ ’’රොක්ශි වත්තේ රංජි’’ අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකුට උල් පිහියක් පෙන්වා මාලයක් සහ මුදල් කොල්ලකෑ ’’රොක්ශි වත්තේ රංජි’’ නැමති සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 07 July 2023
නාගරික විදුලි රැහැන් භූගත කිරීම නුගේගොඩින් ඇරඹේ නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදුකෙරිණි. 07 July 2023
පොලිස්පති ගැන අගමැතිගෙන් පොරොන්දුවක් පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය 48 දී සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 July 2023
රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. 07 July 2023
සමාජ ආරක්ෂණ සම්මාන උළෙලින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සංවිධානය කළ ’’ සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2023 ’’ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 07 July 2023
සාම්පූර් සෝලා උද්‍යානයට බලපත්‍රය නිකුත් කරයි මෙගාවොට් 130 ක සාම්පූර් ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා විදුලිබල උද්‍යානයේ මෙගාවොට් 50 බලාගාරයේ පළමු අදියර සඳහා බලශක්ති බලපත්‍රය ලබන සතියේ නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය. 07 July 2023
රියදුරු ඝාතනයට හිටපු උප ලුතිනන් අත්අඩංගුවට ආණමඩුව තෝනීගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළදි බිරිදගෙ අනියම් සැමියා බව කියන පුද්ගලයා මරා දැමු යුද හමුදාවේ හිටපු උප ලුතිනන්වරයකු ඝාතනය සිදුකර වසර හයකට පසු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පැවසිය. 07 July 2023
මේ වසර තුළ උසස් පෙළ පවත්වනවා අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 July 2023
ඉංජිනේරු සංස්ථාවේ සභාපති කාමරේක හිර කරයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය. 07 July 2023
ප්‍රංශය යුක්රේනයට දුන්න අවි වලින් ප්‍රංශයටම ගහලා ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බවත් ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත. 07 July 2023
2050දී ඉන්දියාව ඇමෙරිකාව පරදයි ලෝක ආර්ථිකයේ වත්මන් බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ඉන්දියාව 2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි පී.ඩබ්ලිව්.සී සමාගමේ ’2050 වසරේ ලෝකය නම්’ වාර්තාව උපුටා දක්වමින් යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත. 07 July 2023
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026