IMG-LOGO

ශ්‍රී ලංකාව පිට පිටම 7 වැනි ජය ලබයි

(යොහාන් භාසුර)

සිම්බාබ්වේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග හතම ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට පිවිසීමට අද (7) සමත් විය.

‘සුපිරි හය’ වටයේ අවසන් තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හරාරේහිදී අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 8 ක පහසු ජයක් ලැබීය.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 244 ක ජයග්‍රාහි ඉලකක්ය ඕවර 44.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ආරම්භක පිතිනකරුවන් වන පැතුම් නිස්සංක (104) සහ දිමුත් කරුණාරත්න (83) ලකුණු 190 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

පැතුම් නිස්සංක පන්දු 113 කින් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 104 රැස්කළ අතර එය පැතුම්ගේ තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.  

දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය.

මැද පෙළ පිතිකරු කේසි කාටි පන්දු 96 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිල සටනක් දියහැකි තත්වයට රැගෙන ඒමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 243 (ජොන්සන් චාල්ස් 39,  කේසි කාටි 87, රොමාරියෝ ෂෙපෙර්ඩ් 26, මහීෂ් තීක්‍ෂණ 34/4, දුෂාන් හේමන්ත 49/2) ශ්‍රී ලංකා පිල ඕවර 44.2 කදී කඩුලු 2 ට 244 (පැතුම් නිස්සංක 104, දිමුත් කරුණාරත්න 83, කුසල් මෙන්ඩිස් නොදැවී 34, සදීර සමරවික්‍රම නොදැවී 17) 



අදහස් (1)

ශ්‍රී ලංකාව පිට පිටම 7 වැනි ජය ලබයි

Perera Saturday, 08 July 2023 11:48 AM

ඔව් ඔව් අපි මෙහෙ හතේ හත වැටිලා ඉන්නේ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site