IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසලක් ගන්න රුවන් අත ගහයි

(අංජුල මහික වීරරත්න)

පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව තිබේ.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය. මෙම පහුණුවෙන් පසු උසස් ලෙස සමත්වන දරුවන් වෙනුවෙන් ජර්මන් පුනර්ජනනීය බලශක්ති සමාගම් වල රැකියා ලබාදීමට ද ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

ජර්මන් තානාපති කාර්යාල නිලධාරීන් සමඟ ජර්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති සමාගම් නියෝජිතයන් පිරිසක් ද පැමිණ ඇති අතර ඔවුන් ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් ලබාදීමට එකඟ වී ඇත.

ඒ අනුව මේ වන විටත් අදාළ වෘත්තීය පුහුණු පාසල හෝමාගම තාක්ෂණික කලාපයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

රුවන් විජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර ඇති අතර ඉදිරියේදි ඊට අදාළ ව්‍යාපෘති වාර්තාව ලද පසු එය ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතය.

 



අදහස් (1)

ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසලක් ගන්න රුවන් අත ගහයි

Jagath Wickramasekara Saturday, 08 July 2023 09:14 AM

හොඳයි... නියමයි

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site