IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව ශ්‍රී ලංකාවට ලොකු සහනයක් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන මූල්‍ය පීඩනය අවම කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක එම්.සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇතැයි මින්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ඩොලර් බිලියන 7.1 ක් බවත් ඉන් ඩොලර් බිලියන 3 ක් චීනය ලබා දී ඇති බවත් ඩොලර් බිලියන 2.4 පැරිස් සමාජයේ රටවල් ලබා දී ඇති බවත් ඉන්දියාව ඩොලර් බිලියන 1.6 ක් බවත් එම වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඉන්දියාවට තම ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් එහිදී අවුරුදු 3 ත් 4 ත් කාලයක් තුළදී ලබා දිය යුතු ණය ලබාදීමට අවුරුදු 10 ත් 12 ත් අතර කාලයක් ගත විය හැකි බවත් සෙන්තිල්නාතන් මහතා පවසා ඇත.

එසේ දීර්ඝ කාලයක් ගත වුවහොත් ණය සඳහා ගෙවිය යුතු පොලිය නිසැක වශයෙන්ම පහල යනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාව මගින් කළමනාකරණය කරනු ලබන ජාතික අපනයන රක්ෂණයෙන් මේ වන විට ශ්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාම් සහ ඝානාව වැනි රටවල ආර්ථික අර්බුද හේතුවෙන් ණය පැහැර හැරීමට මුහුණ දුන් අපනයනකරුවන් රුපියල් කෝටි 4,500කට ආසන්න හිමිකම් ඉල්ලීම් ලැබී තිබෙන බව සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇත.

 



අදහස් (4)

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලොකු සහනයක් දෙයි

sugath Saturday, 08 July 2023 02:52 AM

මෙයින් සිදුවන්නේ ණය ගෙවීම මතු පරම්පරාවට බාරදීමයි...

:       0       2

22 Sri 2048 Saturday, 08 July 2023 07:16 AM

ලංකාවේ ඉස්සර සමහරක් මිනිස්සු මත්පැන් චුට්ටක්, දුම්කොළ ටිකක් කන්න චුට්ටක් දුන්නොත් දිනපතා ඒ පස්සේ යනවා (හරියට උදාහරණයක් අරගෙන කිව්වොත් බල්ලෙකුට කන්න ටිකක් දුන්නා වගේම තමයි දීලා බලන්න එතකොට මම කිව්වේ මොකක්ද තේරේවි) අන්තිමේ තමන්ගේ ගේදොර නැතුව අනාථයෝ වෙනවා. මුලින්ම දුන්නු එකා වලව්කාරයෙක් වෙද්දී එයාගෙන් කාපු කෙනා අන්තිමේ හිඟන්නන් වෙනවා...

:       1       1

Prabash Saturday, 08 July 2023 11:22 AM

තාම හරියට සහනයක් ආවේ නෑ... ඉවසලා ඉන්න ලොකු ලොකු සහන ඉස්සරහට ඒවි...

:       0       1

රට පෙරට Sunday, 09 July 2023 06:29 AM

ජනතා මුදල් හොරාකාලා රට විනාශ වනවිට හැම තැනින්ම ණයට අරගෙන අන්තිමට ඔහොම ගිහිල්ලා ප්‍රභාකරන් ඉල්ලූ දේත් දීලා තවත් ටිකක් දෙන්න වේවි... ඉන්න නිශ්ශබ්ද වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site