
(යොහාන් භාසුර)
මෙගාවොට් 130 ක සාම්පූර් ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා විදුලිබල උද්‍යානයේ මෙගාවොට් 50 බලාගාරයේ පළමු අදියර සඳහා බලශක්ති බලපත්‍රය ලබන සතියේ නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විදුලිබල සම්ප්‍රේෂණ සහ ජාල සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය ආධාර සැපයීමට එම බැංකුව සළකා බලන බව ද අමාත්‍යවරයා කීය.
ඉන්දියානු එන්.ටී.පී.සී. විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව යන ආයතනවල එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හොඳ ගැහිල්ලක්....
මේකෙන් වෙන්නේ අපේ හිරුඑළියෙන් විදුලි බලය උපද්දවලා ඒකේ සල්ලි ඉන්දියාවේ කෙනෙක් ගන්නවා. මොකද වෙනස ඩීසල් බලාගාරයෙන් වෙන්නෙත් වෙන රටකට සල්ලි යන එක මේකෙන් වෙන්නෙත් ඒකම නේද? මේ වගේ දේවල් අපේ රටේ ලොකු ව්‍යාපාරිකයන් එකතු කරගෙන කරන්න බැරිද?