(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකුට උල් පිහියක් පෙන්වා මාලයක් සහ මුදල් කොල්ලකෑ "රොක්ශි වත්තේ රංජි" නැමති සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකරු එදින කොල්ල කන ලද රුපියල් එක් ලක්ෂ හැටදහසක් පමණ වටිනා සුදු රත්තරන් මාලය සැකකරු සන්තකයේ තිබීයදි පොලීසිය මගින් සොයාගෙන ඇත .
ඉකුත් 3 වැනි දින සිය පෙම්වතිය සමග බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා කතාබස් කරමින් සිටියදී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තිබේ.
මුදල් නොමැතිබව පැවසූ විට ක්ෂණයකින් සැකකරු උල් පිහියක් ඔවුන් වෙත එල්ල කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000 ක කොල්ල කා තිබූ අතර සැනින් මෝටර් රථය තුළ තිබූ බෑගයක් කොල්ල කෑමට උත්සාහ දැරීමේදී එහි තුළ තිබූ සුදු රත්තරන් මාලය මාර්ගයේ පිටතට විසිවී තිබුණි.
අවස්ථාවෙහිදී සැකකරු එයත් අවුලාගෙන පාපැදියෙන් ම පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්‍රී පුතාගේ මාලය කොල්ල කෑ ’’රොක්ශි වත්තේ රංජි’’ අල්ලයි
Chathuranga Friday, 07 July 2023 03:43 PM
මේ ක්‍රියාත්මක වෙච්චි විදියටම ලංකාවේ වෙන අනිත් හොරකම් අල්ල ගන්න ශ්‍රී ලංකා පොලිසියට බැරි ඇයි?
සෙනෙවිරත්න Friday, 07 July 2023 08:19 PM
ඩෑෂ් බෝඩ් එකඋඩ රුපියල් තුන්දාහක්, බෑග් එකේ ප්ලැට්නම් මාලයක්, ඒක එළියට විසිවෙනවා... ටිකක් අවුල් වගේ.
Kariyawasam Friday, 07 July 2023 10:32 PM
ඕනෑම හොරෙක් අල්ලන්න පුළුවන් ආණ්ඩුවට සම්බන්ධ නැතිනම්...