(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බවත් ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත.
බටහිර රටවල් වසරක් පුරාවට යුක්රේන ජාතිකවාදීන්ට ලබා දුන් සහාය එම රටවල ඊට සමාන අදහස් ඇති කණ්ඩායම් ධෛර්යමත් කර ඇති බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකරෝවා ඊයේ(06)පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව නාසිවාදයට පක්ෂපාති කණ්ඩායම් ප්‍රංශයේ විරෝධතාවල පෙරමුණ ගෙන තිබෙන බව සකරෝවා පෙන්වා දුන්නාය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එහි මිතුරන් යුක්රේනයට ලබා දුන් ආයුධ සහ අරමුදල් ඔවුන්ටම බූමරංගයක් වී පැමිණ ඔවුන්ගේම ජනතාවට හානි කරන බව එම මාධ්‍ය හමුවේදී සකරෝවා පවසා තිබේ.
බටහිර රටවල් යුක්රේනයට ආධාර ලබා දීමේ අයහපත් ප්‍රතිවිපාක පෙන්වා දීමට දීර්ඝ කාලයක සිට රුසියාව උත්සාහ දරන බව එහිදී සකරෝවා පෙන්වා දී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රංශය යුක්රේනයට දුන්න අවි වලින් ප්‍රංශයටම ගහලා
ලුම්බිණි Friday, 07 July 2023 12:38 PM
කවුද මේ කියන්නේ? රුසියාව.
Prabha Friday, 07 July 2023 01:11 PM
ප්‍රංශයේ මැරුණේ උතුරු අප්‍රිකානු මුස්ලිම් සම්බවයක් තියන තරුනයෙක් .ඒ කියන්නේ නාසි වාදීන්ගෙන් ජාතිකවාදීන් ගෙන් පීඩා විඳින්නෙක්
Anura Friday, 07 July 2023 01:50 PM
රුසියාව කියන්නේ, වැඩිය ගණන් ගන්න එපා...
Bunny Preena Friday, 07 July 2023 01:57 PM
ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලාම කපනවයි කිව්වා වගේ...
Sujeewa Friday, 07 July 2023 08:03 PM
ඕක ඉතින් අපේ රටේත් වුණේ... පුතාණෝගේ තාත්තා. 1990 දී LTTE එකට දුන්න ආයුධ, සල්ලි, සිමෙන්තිවලින්, ප්‍රභාකරන් අපිටම ගැහුවේ... මතකද පුතාණෝ...? අන්තිමට 1993 මැයි 01 වැනිදා... තාත්තාටත් ගැහුවා..