IMG-LOGO

නාගරික විදුලි රැහැන් භූගත කිරීම නුගේගොඩින් ඇරඹේ

(යොහාන් භාසුර)

නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදුකෙරිණි.

එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ නගර මධ්‍යයේ තිබූ විදුලි කණු සහ විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර එමඟින් නගර අලංකරණය තව දුරටත් ඉහළ යනු ඇත.

එමගින් නුගේගොඩ නගරයේ ඉදිකිරීම් හා රුක්රෝපණ ක්‍රියාකාරකම් සදහා තිබූ බාධාවන් බොහොමයක්ම ඉවත්වනු ඇති අතර විදුලි කණු හේතුවෙන් පැවැති බාධාවන්, අවහිරවීම් හා රථවාහන අනතුරු අවම වනු ඇත.
භූගත විදුලි පද්ධතිය හේතුවෙන් විදුලිය බිදවැටීම් ඉතාම අවම වන අතර නඩත්තු කටයුතු ද අවමවීම හේතුවෙන් ‘ලෙකෝ’ සමාගමට වාර්ෂිකව විශාල මුදලක් ඉතිරිකර ගැනීමටද හැකිවේ.

මෙය නියමු ව්‍යාපෘතියක් වුවද නවීණ උපකරණ සහ තාක්ෂණය භාවිතා කරමින් වර්තමාන ලෝකයට මෙන්ම අපේ රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සැළසුම් කර තිබීම විශේෂත්වයකි. ව්‍යාපෘතිය මුල සිට අවසානය දක්වාම දේශීය ඉංජිනේරුවන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දැනුම හා හැකියාවන් පමණක් භාවිත කිරීම කැපී පෙනේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය   කෝට්ටේ, නුගේගොඩ සහ කැලණිය කලාපයේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වේ.  

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතු`ඵ පිරිසක් නියමු ව්‍යාපෘතිය පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (3)

නාගරික විදුලි රැහැන් භූගත කිරීම නුගේගොඩින් ඇරඹේ

ravin Friday, 07 July 2023 03:38 PM

බොහෝම හොඳ වැඩක්. පොඩි කොස්සකට තියෙන්නේ අපේ රටේ ආයතන අතර සම්බන්ධීකරණය නොමැති නිසා සුපුරුදු පරිදි භූගත රැහැන් අලාභහානි සිදුවීමයි.

:       0       24

Prabash Saturday, 08 July 2023 11:15 AM

හොඳයි, ගංවතුර නැති ප්‍රෙද්ශ වෙන්න ඕනෑ...

:       0       2

pakeer Saturday, 08 July 2023 12:56 PM

සම්මත තැනකම මෙය විය යුතුය... දැන් හරි මේවා තේරෙන එක ලොකු දෙයක්... මේවා අවුරුදු 50කට ඉස්සර කරන්න තිබුණ වැඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site