IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රෝගීන් ගැන නොසැලකිල්ලට නිදහසට කරුණු එපා

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්‍රකාශ කරමින් නොසිට රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය බලධාරීන් හමුවේ පැවසීය.

සෞඛ්‍ය ගැටලු පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරිම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද රත්නායක මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී සාගල රත්නායක මහතා මේ බව කීය.

 



අදහස් (7)

රෝගීන් ගැන නොසැලකිල්ලට නිදහසට කරුණු එපා

wedage Saturday, 08 July 2023 08:37 AM

මේ නොසැලකිල්ල තියෙන්නේ ඇමැතිගේ... ඒක නිසා සුව සේවකයින්ට දොස් කියලා වැඩක් නෑ. අනුමත බෙහෙත් පමණක් ගෙන්වන්න ඉන්දියානු බෙහෙත් තත්වයෙන් බාල සහ අනුමැතියක් නැති ඉන්දියානු බෙහෙත් ගෙන්වන්න එපා. මේ අපේ රටේ මිනිස්සු මැරෙන එකට කවුද වගකියන්නේ...?

:       1       8

චන්දන Saturday, 08 July 2023 08:38 AM

මේ ව‌ගේ රටේ ජනතාව ගැන කිසිවක් නොහිතන දේශපාලුවන්ගේ අමනෝඥ වැඩ නිසා තමයි දොස්තරලා රට හැරදාලා යන්නේ... මොවුන්ගේ වැරැදි සේවකයින් පිට පටවනවා. ඉස්සර වෙලාම ඡන්දයක් තියපල්ලා. ඊට පස්සේ ඉතිරි ටික බලාගන්න පුළුවන්...

:       4       2

Nimal Saturday, 08 July 2023 08:40 AM

ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට...!

:       3       4

ranjith Saturday, 08 July 2023 12:28 PM

දෛවයේ සරදම මහජන ඡන්දෙන් ආව උදවියට ඡන්දෙන් පරාද වුණ අය කියන උපදෙස් පිළිපදින්න වෙලා...

:       3       5

Rata Perata Saturday, 08 July 2023 12:38 PM

ඒ කියන්නේ දැන් රනිල්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැතිට උපදෙස් දෙනවා. හ්ම්... අලුත් සිස්ටම් තියෙන්නේ ලංකාවේ...

:       2       6

සෞභාග්‍යයේ දැක්ම Saturday, 08 July 2023 04:20 PM

අනේ, හැමඑකම ජනාධිපතිවරයාට කරන්න බැහැ... ඒ නිසා තමයි ජනාධිපතිගේ උපදෙස් අනුව ඔහුගේ නියෝජිතයෙක් සහභාගි වෙන්නේ... තමුන් පොඩ්ඩක් සිහින ජනාධිපතිවෙලා රට කරන හැටි රචනාවක් ලියලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි. ලියනකොට නාට්‍යයක් වගේ ලිව්වා නම් පැහැදිලි වෙනවා ....

:       3       6

MTGLK Thissdeniya Saturday, 08 July 2023 02:22 PM

ඡන්දයක් අවශ්‍යයි....

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site