IMG-LOGO

මහ බැංකු පනත විවාදය ලබන 20

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රි ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ  විවාදය ලබන  20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (7) තීරණය කළේය.

මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි මස 11 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත  එය කල් ගියේය.

මේ අතර  ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාවන්ට අනුකූලව නව කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පසුගියදා ලිපියක් බාර දුන්හ.

එම පිරිසට අතුරලියේ රතන හිමියෝද වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද  ඇතුළත්වූහ.

මූල්‍ය පරිපාලන ස්වාධීනත්වය ලබා දීම  හා පරිපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා මහබැංකු පනත් කෙටුම්පතින්   ප්‍රතිපාදන සැලසේ.



අදහස් (0)

මහ බැංකු පනත විවාදය ලබන 20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 4 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 653 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 778 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site