IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම්වරයා බව කියන ත්‍රිරොද රථ රියැදුරකු රථවාහන රාජකාරියේ යෙදි සිටි පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම ඉරා පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමේදී මත්පැන් පානය කර ඇති බව වෛද්‍ය වාර්තාවේ සටහන් යොදා ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පහර දීමෙන් කොස්තාපල්වරයාගේ නිල ඇඳුම ඉරී යකඩ බොත්තම් කීපයක් ද කැඩි ඉවතට විසි වී ඇත.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත  දෙකක කාලයක් අන්තර් මුර සංචාරයේ යෙදී සිටි කොස්තාපල්වරුන් දෙදෙනා පානදුර පරණ පාරේ ජුබිලි හන්දියේ රාජකාරියේ නිරතව සිටියදී අතුරු මාර්ගයක සිට පානදුර දෙසට ආ ත්‍රීරෝද රථයක් එකවරම ආපස්සට හරවා ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඒ පසුපස හඹා ගොස් නවතා පරික්ෂා කිරීමට යාමේදී සැකකාර ත්‍රිරොද රථ රියදුරු එලෙස හැසිරී තිබූ බව පොලිසිය කියයි.

සැකකාර  රියදුරු බලපත්‍රය ඉල්ලා ප්‍රතික්ෂේප කිරීමත් සමගම තී රෝද රථයේ යතුර ලබාගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කිරීමේදී ඔහු පොලිස් කොස්තාපල්වරයාගේ නිල ඇඳුමෙන් අල්ලා තල්ලු කිරීමේදී බිම වැටී ඇති අතර අනෙක් කොස්තාපල් ෙ ක්ෂණික ඔහු නැගිට්ටුවා තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව මේ පිළිබඳ ස්ථානාධිපතිවරයා මෙන්ම රාත්‍රි රාජකාරියේ නිරත සැරයන්වරයා දැනුවත් කර අමතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගෙන්වාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ බව උසස් නිලධාරියෙක් කීය.

 



අදහස් (1)

ත්‍රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා

අගුපිලගේ Saturday, 08 July 2023 07:09 AM

ත්‍රී වීලර් කාරයින් නලවන සමහරක් පොලිස් නිලධාරින් ඉන්නවා. ත්‍රීවීලර්වලට ධාවනය කරන්න වෙන්නේ 40ක වේගයෙන් වුණත් සමහරක් ත්‍රීවීලර් කාරයෝ හිතාගෙන ඉන්නේ පාරවල් ඔවුන්ගේ අම්මගේ අප්පාගේ බූදලයක් කියලා එහෙම එවුන්ට පොලිසිය උදව් කරනවා මෙයට පෙර කිසිම දවසක පොලිසිය ත්‍රීවීලර් කාරයෝ ඇල්ලුවා කියලා අහලා නැහැ... කොහොම වුණත් මේ හුචක්කු ලංකාවට ගැලපෙන්නේ නැහැ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site