(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7) පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පවත්වන බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය අවසන්වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තුව ඒ කටයුතු සූදානම් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය අයිතිවාසිකම්වලට ගරුකළ යුතුයි. එහෙත් මින්පසු ගුරු පත්වීිම් ලබාදීමේදී විභාග රාජකාරී වැඩ සහ විභාග ප්‍රශ්නපත්‍ර බැලීමේ කටයුතු කවර හේතුවක් නිසාවත් මග නොහරින බවට නීත්‍යානුකූල වගන්තියක් පත්වීම් ලබා දීිමේදීම ලබා ගැනීම උචිතයි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ටත් ඒ විදියට කටයුතු කරන්න. එමෙන්ම රජය පැත්තෙන්ද එම අයට ඉතා ඉහළින්ම සාධාරණයක් ඉටු කළ යුතුයි. මේ වනවිට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්න අය සියලුම දෙනා වයස අවුරුදු 75 ඉක්මවා සිටිනවා. නීති විරෝධී ලෙස තීරු බදු රහිත වාහන බලපත් පවා ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳ දැනුවත් කරන්න කටයුතු කරන බව දැන ගන්නට ඇත. එවන් තත්වයක් තුළ ඇයි ගුරු භවතුන්ටත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ටත් ඉහළින්ම සලකන්න බැරි? අනික ස්වාධීන කොමිෂන් සභාවල සිටිය යුතු අවම සංඛ්‍යාව ඉක්මවා එමෙන් දෙගුණයකටත් වඩා ඉන්නවා. මේ මහජන බදුමුදල් නොවේද? අධ්‍යාපනයට වැදගත් වන්නේ කොමිෂන් සභා මුත්තලා නොවෙයි. ගුරු භවතුන්... ඒ අය කරන සේවය මිල කරන්න බැහැ. ඒ අයට හැකි උපරිම ලෙස මෙන්ම සාධාරණ ලෙස සලකා ඒ අයටත් තිබෙන අසීමිත නිදහස සීමා කළ යුතුයයි මා යෝජනා කරනවා. අධ්‍යාපනය සමග කරන සෙල්ලම වහා නතර කළ යුතුයි...