IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවෙක්

(යොහාන් භාසුර)

ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් සමඟ නැවත වරක් ශ්‍රී ලංකාවට විශාලතම සංචාරක ප්‍රභවයක් වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය දෙනෙකුගෙන් එක් අයෙක් ඉන්දියානුවෙක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා අද (7) පැවසීය.

ඉන්දියාව මෙම වසරේ ද ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රස්ථාරයේ ඉහළින්ම සිටින බව ද කී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඉදිකිරීම් සහ බලශක්ති ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට ලැබීම ගෞරවයක් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා කොළඹදී අද (7) පැවති ඉදිකිරීම් සහ බලශක්ති ප්‍රදර්ශනයේ (2023) සමාරම්භක උත්සවයේදී එසේ පැවසීය. එහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියානු සමාගම්වල උද්යෝගීමත් සහභාගිත්වය පිළිබඳව මා විශේෂයෙන් දිරිමත් කළා. ඉන්දීය සමාගම් 50කට ආසන්න සංඛ්‍යාවක් මෙයට සහභාගි වී සිටිනවා. මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික හා වාණිජ සබඳතාවයට සාක්ෂියක්.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සමීප සබඳතාව පසුගිය වසර තුන තුළ පෙන්නුම් කළා. ඉන්දීය රජයේ ‘පළමුව අසල්වැසියා’ ප්‍රතිපත්තියට අනුකූලව, මෙම කාල සීමාව තුළ කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය සහ දේශපාලන නැගිටීම්වල අභියෝගයට මුහුණ දීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ අමාත්‍යාංශවලට නොසැලී සහාය දුන්නා.

ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වටිනා ඉන්දියාවේ මූල්‍ය සහ මානුෂීය සහයෝගය අයි.එම්.එෆ්.හි සමස්ත අපේක්ෂිත විස්තීරණ අරමුදල් පහසුකමට වඩා බෙහෙවින් වැඩියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබාදුන් පළමු ණයහිමි රට ඉන්දියාවයි. ජපානය සහ පැරිස් සමාජය සමඟ ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස ඉන්දියාව තවදුරටත් හොඳ කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය, යටිතල පහසුකම්, නිෂ්පාදන සහ සම්බන්ධතා ප්‍රවර්ධනය සඳහා ආයෝජනය තුළින් තවදුරටත් සහයෝගීතාව සඳහා මංපෙත් විවර කළා. ඉන්දියාව 2022 දී ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා විය. ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අපනයන ද වර්ධනය වී ඇත. වෙළඳ පියවීම් සඳහා රුපියල් භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවදුරටත් උපකාරී වේ. මේවා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනයට උපකාර වන සංයුක්ත පියවරයන් වේ. චෙන්නායි - යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම දෙරටේ ජනතාව සමීප කිරීමේ තවත් පියවරකි. දෙරට අතර යාත්‍රා සේවා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

සුවසැරිය 1990 ගිලන්රථය, ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය, පාසල් ප්‍රතිසංස්කරණය, රෝහල් ඉදිකිරීම සහ අනෙකුත් සමාජ හා ආර්ථික ව්‍යාපෘති වැනි ප්‍රයෝජනවත් මහජන සේවා ලබාදී ඇති ප්‍රමුඛ සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වය ඉන්දියාවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා සබඳතාවල මෑතකාලීන වර්ධනයන් අපගේ මිත්‍රත්වය සහ සර්වකාලීන සහයෝගීතාව ශක්තිමත් කර ඇත. ඒ අතරම, විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඇති පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා දෙරට සුපරීක්ෂාකාරීව සිටිනවා.

අප මේ තත්ත්වයට පැමිණ ඇත්තේ වත්මන් මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමට ජනතාව, ව්‍යාපාරික කවයන් සහ ඉන්දීය රජය අධිෂ්ඨාන කර ඇති බැවිනි” යැයි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

මෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවෙක්

Saman Saturday, 08 July 2023 07:17 AM

මේක තමයි සැබෑ තත්වේ.., සුද්දෝ (විශේෂයෙන්ම යුරෝපීයයන්) එන්න කැමැති නැහැ අපිරිසිදු රටවලට...!

:       2       5

Athula k Saturday, 08 July 2023 04:56 PM

ඉන්දියන් ජාතිකයන් එන්නේ සංචාරක වීසාවලින්... මෙහෙ වැඩකරන්න.

:       1       2

Lalla Sunday, 09 July 2023 06:58 AM

ඉන්දියාවට කොළඹ හෝ ගාල්ලේ සිට නාවික මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට බැරිද? අඩු මිලට නව අත්දැකීමක් ගන්න කැමැති අය බොහෝය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site