(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා අසනීපයෙන් සිටි බැවින් නඩු විභාග කල් තබන ලෙසට අධිකරණයේ පෙනී සිටි කණීෂ්ඨ නිතීඥවරයා ඉල්ලීමක් කළ අතර එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ, විභාගය සදහා දින ලබා දිය නොහැකි බවය. මෙම නඩු විභාගය සදහා පෙනී සිටීමට ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා තමාට උපදෙස් ලබා දී නොමැති බැවින් තමන් නඩුවෙන් ඉවත් වන බව මෙහිදී එම නිතීඥවරයා සදහන් කළේය.
ඒ අනුව නිතීඥ නියෝජනයක් ඇතිව හෝ නොමැතිව ඉදිරි දිනයේදී නඩු විභාගය සදහා සූදානම්ව පැමිණෙන ලෙසට දැනුම් දෙමින් නඩුව කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
අදාළ චෝදනාවටම තවත් නඩුවකට වරදකාරිය වූ මෙම විත්තිකාරියට වසර දෙකක සිරදඩුවමක් අධිකරණයෙන් නියම කළේ ඉකුත් 2022 අප්‍රේල් මස 31 වැනිදාය. පසුව එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයෙන් ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශෂී වීරවංශ නඩුවකින් විත්තියේ නිතීඥයා ඉවත් වෙයි
Lalla Friday, 07 July 2023 08:14 PM
මේ අයද ලංකාව පාලනය කරන්න දඟලන්නේ...? ඈඟපුරා හොරකම විතරයි...